මහින්ද දේශප්‍රිය සිය ධුරයෙන් ඉවත්වීම සඳහා ඉල්ලීමක් කරයි
මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සිය ධුරයෙන් ඉවත්වීම සදහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට ඉල්ලීමක් කර තිබෙනවා. ඒ බව කතානායක කරූ ජයසූරිය මහතා වෙත දැනුම්දී ඇති බවයි කතානායක මාධ්‍ය අංශය නිවේදනය කරන්නේ.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සභාපතිවරයා ලෙස මෙම ඉල්ලීම සම්බන්ධයෙන් කතානායකවරයා ද ප්‍රතිචාර දක්වා තිබෙනවා. කතානායකවරයා සදහන් කරන්නේ මහින්ද දේශප්‍රිය මහතා මෙම අවස්ථාවේ ස්වකීය ධුරයෙන් ඉවත් නොවී පූර්ණ කාලයේම එහි කටයුතු කිරීම සුදුසු බවයි. විශේෂයෙන් පසුගිය ජනාධිපතිවරණය වෙනුවෙන් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයාගේ නායකත්වය යටතේ විශිෂ්ට කාර්යභාරයක් එම කොමිෂන් සභාවෙන් ඉටුකෙරුණා.
මැතිවරණ ක්‍රියාවලියේ හදුනාගෙන ඇති වැදගත් ප්‍රතිසංස්කරණ සදහා මහින්ද දේශප්‍රිය මහතාගේ කැපවීම අවශ්‍ය කෙරෙනවා. එමෙන්ම ඉදිරියේදී පැවැත්වීමට නියමිත මැතිවරණ ප්‍රශස්ථ අන්දමින් මෙහෙයවීම සදහාත් ඒ මහතාගේ සේවය ඉතා වැදගත් වනු ඇති බවයි කතානායකවරයා සදහන් කරන්නේ.
The post මහින්ද දේශප්‍රිය සිය ධුරයෙන් ඉවත්වීම සඳහා ඉල්ලීමක් කරයි appeared first on ITN News.