පාසල්වල ගුරු හිගයට ප්‍රායෝගික විසදුම් ලබාදීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනවා
පාසල්වල ගුරු හිගයට ප්‍රායෝගික විසදුම් ලබාදීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.
හෝමාගම ආටිගල කණිෂ්ඨ විද්‍යාලයේ ප්‍රතිසංස්කරණය කළ දෙමහල් ගොඩනැගිල්ල සිසු අයිතියට පත් කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියාසිටියා. මහජන නියෝජිතයින් ඇතුළු පිරිසක් මීට එක්වුණා. විද්‍යාලයට අවශ්‍ය තූර්යවාදක භාණ්ඩ පරිත්‍යාග කිරීමට ද අමාත්‍යවරයා පියවර ගත්තා. විද්‍යාලයේ දක්ෂතා දැක්වූ දරුවන් ඇගයීම ද මෙහිදී සිදුවුණා.
මෙම විද්‍යාලය ආසන්නයේ පදිංචි අපොස උසස් පෙළ සමත් පස්දෙනෙකු තෝරා ඔවුන් නිසි වැඩපිළිවෙළක් යටතේ ගුරු සේවයට එක්කර ගන්නා බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කළා.
The post පාසල්වල ගුරු හිගයට ප්‍රායෝගික විසදුම් ලබාදීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනවා appeared first on ITN News.