එංගලන්ත සහ නවසීලන්ත දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය ඇරඹෙයි
සංචාරක එංගලන්ත කණ්ඩායම සහ නවසීලන්ත කන්ඩායම අතර පැවැත්වෙන දෙවන හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය අද (29) ආරම්භ වුනා.
හැමිල්ටන්හිදී පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනු එංගලන්තය පළමුවෙන් පන්දු රැකීමට තීරණය කළා. අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පළමු දිනය නියමිත වේලාවට පෙර අවසන් කරන විට සිය පළමු ඉනිම ක්‍රිඩා කරමින් සිටි නවසීලන්තය කඩුලු 03ක් දැවී ලකුණු 173ක් ලබා සිටියා.
ටොම් ලේතම් නොදැවී ලකුණු 101යි. රෝස් ටේලර් ලකුනු 53යි. පන්දු යැවිමේදී ක්‍රිස් වෝක්ස් කඩුලු 02ක් බිද හෙලුවා.
The post එංගලන්ත සහ නවසීලන්ත දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය ඇරඹෙයි appeared first on ITN News.