ජනපතිගෙන් ඉන්දීය අගමැතිට ආරාධනාවක් (Photos)
ජනපති හා ඉන්දීය අගමැති අතර ද්වීපාර්ශ්වික සාකච්ඡා නවදිල්ලි නුවරදී පැවැත්වුණා.
දෙදින ඉන්දීය නිල සංචාරයට එක්ව සිටින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අතර ද්වීපාර්ශ්වික සාකච්ඡා ඉන්දීය අග්‍රාමාත්‍ය නිල නිවසේදී පැවැත්වුණා. එම සාකච්ඡාවලින් අනතුරුව රාජ්‍ය නායකයින් දෙදෙනා ඒකාබද්ධ මාධ්‍ය නිවේදනයක් ද නිකුත් කිරීමටයි කටයුතු කළේ. එහිදී ජනාධිපතිතුමා ඉන්දීය අග්‍රාමාත්‍යවරයාට ශ්‍රී ලංකාවේ සංචාරයක් සදහා එක්වන ලෙස ආරාධනා කළා.
එම ආරාධනාව ඉන්දීය අග්‍රාමාත්‍යවරයා පිළිගනු ලැබූ බවයි ඉන්දීය මාධ්‍ය වාර්තාකර තිබුණේ.
The post ජනපතිගෙන් ඉන්දීය අගමැතිට ආරාධනාවක් (Photos) appeared first on ITN News.