ඉන්දීය රජයෙන් ශ‍්‍රී‍්‍ර ලංකාවට ඩොලර් මිලියන 400ක්
ඉන්දු ශ්‍රී ලංකා රාජ්‍ය නායක හමුවේදී ශ්‍රී ලංකාවට ඇමෙරිකා ඩොලර් මිලියන 400 ක සහන ණය ප්‍රදානයක් සිදු කිරීමට ඉන්දියාව එකග වුණා. ත්‍රස්තවාදය මර්දනය කිරීම සදහා තවත් ඇමෙරිකා ඩොලර් මිලියන 50 ක සහන ණයක් ලබා දීමට ද ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා හමුවේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මැතිතුමා එකග වුණා.
සිය ප්‍රථම රාජ්‍ය සංචාරය ඊයේ (28) ආරම්භ කළ ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා අද (29) දිනයේ ඉන්දීය ජනාධිපතිතුමා, අග්‍රාමාත්‍යවරයා ඇතුලු කිහිප දෙනෙකුම හමුවුණා. ඉන්දීය ජනාධිපති රාම්නාත් කෝවින්ද් මැතිතුමා හා ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා අතර හමුව පැවැත්වුණේ අද (29) පෙරවරුවේදීයි. එහිදී ශ්‍රී ලංකා ජනාධිපතිතුමා මහත් හරසරින් පිළිගැනුණු අතර හමුදා උත්තමාචාරයක් ද පැවැත්වුණා. නව දැක්මක් සහිතව ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා ගෙන යන වැඩපිළිවෙළ සම්බන්ධයෙන් ඉන්දීය ජනාධිපතිතුමා ප්‍රසාදය පළ කළා. ඒ වෙනුවෙන් ඉන්දියාවේ පූර්ණ සහාය ලබා දෙන බව ද එරට ජනාධිපතිවරයා කියාසිටියා.
අනතුරුව රාජ් ගාත් වෙත ගිය ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා මහත්මා ගාන්ධි අනුස්මරණ පිළිරුවට පුෂ්පෝපහාර දැක්වූවා. එහිදී ආරාධිත අමුත්තන් සදහා වූ පොතේ ජනාධිපතිතුමා අත්සනක් ද තැබුවා.
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මැතිතුමා හා ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා අතර හමුව පැවැත්වුණේ අද (29) දහවල් හයිද්‍රාබාද් මන්දිරයේදීයි. ජනාධිපතිතුමාගේ සෞභාග්‍යයේ දැක්ම වැඩපිළිවෙළට ඉන්දියාවේ පූර්ණ සහාය ලබා දෙන බවයි මෝදි අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේ.
අනතුරුව දෙරට රාජ්‍ය නායකයන්ගේ සහභාගිත්වයෙන් ඒකාබද්ධ මාධ්‍ය හමුවක් ද පැවැත්වුණා.
මේ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ඉන්දීය සංචාරයට සුබපතමින් එරට අග්‍රාමාත්‍යවරයා සිය ට්විටර් ගිණුමේ සිංහල, දෙමළ හා ඉංග්‍රීසි භාෂාවලින් සටහනක් තබා තිබෙනවා. ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සිංහල අකුරුවලින් මෙම සටහන තබා තිබීම විශේෂත්වයක්
The post ඉන්දීය රජයෙන් ශ‍්‍රී‍්‍ර ලංකාවට ඩොලර් මිලියන 400ක් appeared first on ITN News.