අත්අඩංගුවේ තිබෙන ඉන්දීය ධීවර යාත්‍රා මුදා හැරීමට ගෝඨාගෙන් පොරොන්දුවක්
ශ්‍රී ලංකා නාවික හමුදා අත්අඩංගුවේ තිබෙන ඉන්දීය ධීවර යාත්‍රා මුදාහැරීමට පියවර ගන්නා බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නවදිල්ලි අගනුවරදී ඊයේ (29) පැවැසීය.
සිය ධුර කාලයේදී ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර තිබෙන සබඳතා ඉහළ මට්ටමකට ගෙන ඒමට තමන්ට අවශ්‍ය යැයි ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කීය.
ඉන්දියාවේ නවදිල්ලි අගනුවර ‘හයිද්‍රාබාද් හවුස්’ නිල නිවස්නයේදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සමඟ ඒකාබද්ධ මාධ්‍ය හමුවකට එක්වෙමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එම කරුණු සඳහන් කළේය.
ජාතික ආරක්ෂාව, යටිතල පහසුකම් සංවර්ධනය, වාණිජ සහ වෙළෙඳ අවස්ථා සම්බන්ධයෙන් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා දුන් සහතිකය සහ සහයෝගය පිළිබඳව ඔහුට කෘතඥ වන බව ද හෙතෙම පැවැසීය.
නුදුරේදීම ශ්‍රී ලංකාවට පැමිණෙන්නැයි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ආරාධනා කරන බවත් තමන් ජනාධිපති ධුරයේ සිටියදීම පළමුවෙන්ම ශ්‍රී ලංකාවට පැමිණෙන රාජ්‍ය නායකයා ලෙස අගමැති මෝදි පිළිගැනීමට තමන් සූදානමින් සිටින බවත් ජනාධිපතිවරයා කීය.
රජයේ ඔත්තු සේවාවල හැකියාව වැඩි කිරීම සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 50ක ණය මුදලක් ලබාදීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මෝදිට ස්තූතිවන්ත වන බවද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කීය.
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර සහයෝගීතාව අංශ රැසකින් පවතින බවත් එහිදි ආරක්ෂාව සම්බන්ධ කරුණුවලට ප්‍රමුඛත්වය දෙන බවත් ජනාධිපතිවරයා පැවැසීය.
The post අත්අඩංගුවේ තිබෙන ඉන්දීය ධීවර යාත්‍රා මුදා හැරීමට ගෝඨාගෙන් පොරොන්දුවක් appeared first on Lanka Views | Views of the truth.