නව රජයක් බලයට පත්වූ සැනින් එය විවේචනය කිරීම සාධාරණ නැහැ – සජිත්
නව රජයක් බලයට පත්වූ සැනින් එය විවේචනය කිරීම සාධාරණ නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා සදහන් කරනවා. නිවේදනයක් නිකුත් කරමින් ඒ මහතා මේ බව කියාසිටියා.
බහුතරයක් මෙරට ජනතාව තම ව්‍යවස්ථානුකූල අයිතිය උපයෝගී කරගෙන නව පාලනයක් පිහිටුවා තිබෙනවා. සමස්ත ජනතාවගේම බලාපොරොත්තුව වූයේ සාමකාමී, නිදහස්, ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් බව සජිත් ප්‍රේමදාස මහතා සදහන් කරනවා. නව රජයක් බලයට පත්වූ පසු ඔවුන්ට සිය ජනවරමට අනුව කටයුතු කරගෙන යාම සදහා කාලයක් දියයුතුය යන්න තමන්ගේ විශ්වාසය බවයි මෙම නිවේදනයේ දැක්වෙන්නේ. ඒ අනුව නව රජයක් බලයට පත්වූ සැණින් එය විවේචනය කිරීම සාධාරණ නොවන බව සජිත් ප්‍රේමදාස මහතා සදහන් කරනවා.
කෙසේ වුවද ඇතැම් සිදුවීම් සම්බන්ධයෙන් අවධානය යොමුකළ යුතු වනවා. කොළඹ පිහිටි ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනියක පැහැරගෙන ගිය බව කියන සිද්ධිය මෙන්ම පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකුට එරෙහිව ක්‍රියාත්මක වීම ඒ අතර ප්‍රධාන වනවා. මාධ්‍යවේදීන් කිහිප දෙනෙකු සම්බන්ධයෙන් දැනටමත් ක්‍රියාත්මක වන ආකාරය සම්බන්ධයෙන් ද සජිත් ප්‍රේමදාස මහතා සිය නිවේදනයෙන් අවධානය යොමුකර තිබෙනවා. මෙම කරුණු සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණ පවත්වන ලෙස ද ඒ මහතා සිය නිවේදනයෙන් වැඩිදුරටත් ඉල්ලා සිටිනවා.
The post නව රජයක් බලයට පත්වූ සැනින් එය විවේචනය කිරීම සාධාරණ නැහැ – සජිත් appeared first on ITN News.