ශ්‍රී ලංකා නව ජනපතිගේ ඉන්දීය සංචාරය දෙරටේ සබඳතාවන්ට නව ප්‍රවේශයක් – ඉන්දීය ජනපති
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ඉන්දීය රාජ්‍ය සංචාරය දෙරට අතර ඓතිහාසික සබදතාවල නව ප්‍රවේශයක් සනිටුහන් කරන්නක් බව ඉන්දීය ජනාධිපතිතුමා ප්‍රකාශ කළා.
ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙනුවෙන් රාශ්ට්‍රපතිභවන් හිදී සංවිධාන කර තිබූ විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහයේදී ඉන්දීය ජනාධිපති රාම්නාත් කෝවින්ද් මැතිතුමා මේ බව සදහන් කළා. දෙරට අතර දිගුකාලීන මිත්‍රත්වය දකුණු ආසිය කලාපයේ ඉදිරි ගමනට ශක්තියක් වනු ඇතැයි ඉන්දීය ජනාධිපතිතුමා මෙහිදී අවධාරණය කළා. එමෙන්ම ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ශ්‍රි ලංකාවේ ඉදිරිගමන වෙනුවෙන් සකසා ඇති ප්‍රතිපත්ති ප්‍රකාශය රටේ සියලු අංශයන්හි වේගවත් ප්‍රගමනයට හේතුවනු ඇති බවට තමා විශ්වාස කරන බවයි ඉන්දීය ජනාධිපතිතුමා මෙහිදී වැඩිදුරටත් සදහන්කළේ.
දෙරට අතර ඓතිහාසික සබදතා තවදුරටත් ශක්තිමත් කරමින් වෙළෙද, ආර්ථික සාමාජීය සබදතා ඉහළ නංවා ගැනීමට කටයුතු කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මෙහිදී ප්‍රකාශ කළා. දෙරටේ ජන ජීවිත ඉහළ තත්ත්වයකට ගෙන ඒමේ ඇති අවශ්‍යතාව ද රාජ්‍ය නායකයින් දෙපළගේ සාකච්ඡාවට බදුන් වුණා. මෙම අවස්ථාවට ඉන්දීය රජයේ මැති ඇමතිවරුන් මෙන්ම ශ්‍රී ලංකා දූත පිරිසේ සාමාජිකයින් ද එක්ව සිටියා.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අද (30) දහවල් ඉන්දියාවේ මහකොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් හමුවීමට නියමිත අතර පස්වරුවේ භාරතීය ජනතා පක්ෂයේ ලේකම් රාම් මාදව් මහතා හමුවී සාකච්ඡා කිරීමට නියමිතයි.
The post ශ්‍රී ලංකා නව ජනපතිගේ ඉන්දීය සංචාරය දෙරටේ සබඳතාවන්ට නව ප්‍රවේශයක් – ඉන්දීය ජනපති appeared first on ITN News.