කිසිදු හමුදා කදවුරක් ඉවත් කරන්නේ නැති බවට ආරක්ෂක ලේකම්ගෙන් සහතිකයක්
ජාතික ආරක්ෂාව ඉවත හෙළීමට කිසිසේත් සූදානම් නැති බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා පවසනවා. කිසිදු ආකාරයකින් යුද හමුදා කදවුරු ඉවත් කිරීමක් සිදු නොකරන බවයි ආරක්ෂක ලේකම්වරයා මහනුවර දළදා වහන්සේ වැද පුදා ගැනීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ කියා සිටියේ.
ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා දළදා මාලිගය වෙත පැමිණ දන්ත ධාතූන් වහන්සේ වැද පුදාගෙන ආශිර්වාද ලබා ගත්තා. අනතුරුව අස්ගිරි මහා විහාරය වෙත පැමිණි කමල් ගුණරත්න මහතා එම පාර්ශ්වයේ මහා නායක අති පූජ්‍ය වරකාගොඩ ඥානරතන ස්වාමීන් වහන්සේ බැහැදැක ආශිර්වාද ලබා ගත්තා.
ඉන් අනතුරුවයි ආරක්ෂක ලේකම්වරයා මල්වතු පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල ස්වාමීන් වහන්සේ බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේ
The post කිසිදු හමුදා කදවුරක් ඉවත් කරන්නේ නැති බවට ආරක්ෂක ලේකම්ගෙන් සහතිකයක් appeared first on ITN News.