රට දියුණු කිරීමට නම් ජාතික ආරක්ෂාව තහවුරු විය යුතුයි
රට දියුණු කිරීමට නම් ජාතික ආරක්ෂාව තහවුරු විය යුතු බව රාජ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසනවා. මල්වතු අස්ගිරි මහනායක ස්වාමීන් වහන්සේ බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.
ප්‍රථමයෙන් දළදා මාලිගාව වෙත ගිය ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා එහිදී ආගමික වතාවත්වල නිරතවුණා. අනතුරුව මල්වතු මහා විහාරය වෙත ගිය රාජ්‍ය අමාත්‍යවරයා එහිදී මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල ස්වාමීන් වහන්සේ බැහැ දැක ආශිර්වාද ලබා ගත්තා.
අස්ගිරි පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන ස්වාමීන් වහන්සේ බැහැදුටුවේ අස්ගිරි මහා විහාරයේදීයි. එම පාර්ශ්වයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද ස්වාමීන් වහන්සේ ද බැහැදැක ආශිර්වාද ලබා ගත්තා.
The post රට දියුණු කිරීමට නම් ජාතික ආරක්ෂාව තහවුරු විය යුතුයි appeared first on ITN News.