GMOA නිලධාරීන් හා සෞඛ්‍ය ඇමති අතර සුහද හමුවක්
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නිලධාරීන් හා අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අතර සුහද හමුවක් පැවැත්වුණා.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවති මෙම හමුවේදී සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා, කාන්තා හා ළමා කටයුතු, සමාජ ආරක්‍ෂණ අමාත්‍යවරිය ලෙස පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පත් කිරීම සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තම ප්‍රසාදය පළ කළා.
ගුණාත්මක හා කඩිනම් සෞඛ්‍ය සේවාවක් ජනතාවට සැපයීම සදහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ යෝජනා හා තීන්දු තීරණ පිළිබද අමාත්‍යවරිය දැනුවත් කිරීම ද මෙහිදී සිදුවුණා. ගුණාත්මක සෞඛ්‍ය සේවාවක ප්‍රතිලාභ ජනතාවට ලබා දීමට ගෙන යන වැඩපිළිවෙළට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සහයෝගය දැක්වීම අගය කරන බවයි අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය මෙහිදී කියාසිටියේ.
The post GMOA නිලධාරීන් හා සෞඛ්‍ය ඇමති අතර සුහද හමුවක් appeared first on ITN News.