පරික්‍ෂණ සදහා පූර්ණ සහාය ලබාදෙනවා – ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලය
තම සේවිකාවකට සිදු වූ බව කියන බලපෑම් සම්බන්ධයෙන් කෙරෙන පරික්‍ෂණ සදහා පූර්ණ සහාය ලබා දෙන බව ශ්‍රී ලංකාවේ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලය සදහන් කරනවා.
නිවේදනයක් නිකුත් කරන කොළඹ පිහිටි ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලය සදහන් කරන්නේ තම කාර්යාලයේ සේවිකාවක අපහසුතාවට පත් කරමින් ඇති වූ සිද්ධිය පිළිබද විවිධ තොරතුරු වාර්තා වන බවයි. මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා බලධාරීන් ක්‍රියාත්මක කරන පරික්‍ෂණ සදහා පූර්ණ සහාය ලබා දෙන බව ද එම නිවේදනයේ දැක්වෙනවා. එමෙන්ම සිද්ධිය සම්බන්ධයෙන් මෙරට බලධාරීන් දැනුවත් කිරීමට පියවර ගත් බවයි එම නිවේදනයේ වැඩිදුරටත් සදහන් වන්නේ.
The post පරික්‍ෂණ සදහා පූර්ණ සහාය ලබාදෙනවා – ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලය appeared first on ITN News.