දෙදින නිල සංචාරය නිමකරමින් ජනපති දිවයිනට
දෙදින ඉන්දීය නිල සංචාරය නිමාකරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඇතුළු දූත පිරිස ඊයේ රාත‍්‍රියේ යළි දිවයිනට පැමිණියා. ඒ නවදිල්ලි නුවර සිට පැමිණි ශි‍්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් යූ එල් 196 දරණ සාමාන්‍ය මගී ගුවන් යානයෙන්.
ඉන්දිය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ආරාධනයකට අනුවයි ජනාධිපතිතුමා ධුරයේ දිවුරුම්දීමෙන් පසු පළමු නිල සංචාරය ලෙස ඉන්දීය සංචාරයට එක්වුණේ. එහිදී ඉන්දිය ජනාධිපති රාම්නාත් කෝවින්ද් සහ අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඇතුළු ඉහළ පෙලේ රාජ්‍යතාන්ත‍්‍රිකයන් සමග ද්විපාර්ශ්වික සාකච්ඡා ද පැවැත්වුණා. ශ‍්‍රි ලංකාවේ නව ජනාධිපතිවරයාගේ වැඩපිලිවෙල සාර්ථක කරගැනීමට පුර්ණ සහාය ලබාදෙන බවයි ඉන්දිය අග‍්‍රාමාත්‍යවරයා ප‍්‍රකාශ කළේ. සහන ණය ප‍්‍රදානයක් ලෙස ඩොලර් මිලියන 400 ක මුදලක් කඩිනමින් ශ‍්‍රී ලංකාවට පිරිනමන බව ද නරේන්ද්‍ර මෝදි මහතා ප‍්‍රකාශ කළා. ත‍්‍රස්තවාදය මැඩපැවැත්වීම සඳහා තවත් ඩොලර් මිලියන 50 ක සහන ණයක් ලබාදීමට නියමිතයි.
ඉන්දු ශ‍්‍රී ලංකා ධීවර ගැටලු පිළිබඳ දෙරටේ නායකයන් සාකච්ඡා පවත්වා තිබෙනවා. දෙරට අතර සහයෝගීතාව වර්ධනය වන ආකාරයෙන් තානාපති සේවයේ කාර්යභාරය ඉටුකිරිමේ වැදගත්කම පිළිබඳවද ජනාධිපතිතුමා පෙන්වාදුන්නා. ඒ ඉන්දියාවේ ශ‍්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාල නිලධාරින් සමඟ හමුවකට එක්වෙමින්. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මහ බෝධි සංගමයේ සභාපති සහ දඹදිව ශාන්ති චේතියගිරි විහාරයේ විහාරාධිපති පුජ්‍ය බානගල උපතිස්ස හිමියන් ද හමුවුණා.
The post දෙදින නිල සංචාරය නිමකරමින් ජනපති දිවයිනට appeared first on ITN News.