සාමාන්‍ය පෙළ විභාගය හෙටින් ඇරඹෙයි
අධ්‍යයන පොදු සහතික පත‍්‍ර සාමාන්‍ය පෙළ විභාගය හෙට ආරම්භ වනවා. ලබන 12 වනදා දක්වා විභාගය පැවැත්වීමට නියමිතයි. මේවන විට ඒ සඳහා අවශ්‍ය සියලු කටයුතු සුදානම් බවයි විභාග කොමසාරිස් ජනරාල් සනත් පුජිත මහතා ප‍්‍රකාශ කළේ.
මෙවර විභාගය සඳහා ඉදිරිපත්වන අයදුම්කරුවන් සංඛ්‍යාව හත්ලක්ෂ දාහත් දහස් අටක්. පෞද්ගලික අයදුම්කරුවන් දෙලක්ෂ අසුතුන් දහස් නවසිය පනස් අටක්ද ඊට අයත්. මෙතෙක් විභාග අයදුම්පත‍්‍රය නොලැබුණු අයදුම්කරුවෙක් වේනම් විභාග දෙපාර්තමේන්තු වෙබ් අඩවියට පිවිසීමෙන් තම ප‍්‍රවේශපත‍්‍රයේ පිටපතක් ලබාගත හැකි බව ද විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළා. 1911 අංකය ඇමතීමෙන් විභාගය සම්බන්ධ ඕනෑම ගැටලුවක් විසදාගැනීමට ද අවස්ථාව පවතිනවා. සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත‍්‍ර ඇගයීමේ කටයුතු අදියර දෙකක් යටතේ සිදුකිරිමට නියමිතයි. පලමු අදියර ලබන 24 වනදා සිට ජනවාරි මස දෙවනදා දක්වාත් , දෙවන අදියර ජනවාරි 17 වනදා සිට 26 වනදා දක්වාත් ක‍්‍රියාත්මකයි. පාසල් 84 ක ඇගයීම් මධ්‍යස්ථාන 108 ක් ක‍්‍රියාත්මක කරන බවද දෙපාර්තමේන්තුව සඳහන් කළා.
The post සාමාන්‍ය පෙළ විභාගය හෙටින් ඇරඹෙයි appeared first on ITN News.