නායයාම් අවදානම් පිළිබඳ විමසිලිමත් වන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයෙන් දැනුම් දීමක්
බදුල්ල පස්සර මාර්ගයේ ඒ 5 යූරි ප්‍රදේශයේදී පස්කන්දක් මාර්ගයට කඩා වැටීමෙන් ගමනාගමනය තාවකාලිකව නතර කර තිබෙනවා. මාර්ගයේ මීටර් 500 පමණ කොටසක් පස්වලින් වැසී ඇති බවයි පොලිසිය ප්‍රකාශ කළේ.
දිවයිනේ ප්‍රදේශ රැසකට මිලිමීටර් 150 ඉක්මවූ අධික වර්ෂාපතනයක් ලැබෙමින් පවතිනවා. කදුකර ප්‍රදේශවලට ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් නායයාම් අවදානම් පිළිබඳව විමසිලිමත් වන ලෙසයි ආපදා කළමනාකරන මධ්‍යස්ථානය දැනුම් දුන්නේ. මාර්ග කිහිපයකට පස් කදු කඩා වැටීමෙන් ගමනා ගමනයට බාධා එල්ලවුණා. බදුල්ල, පස්සර මාර්ගයේ යූරි ප්‍ර දේශය මාර්ගය තාවකාලිකව වසා ඇති බැවින් විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි පොලිසිය දැනුම් දෙන්නේ. පස්සර , නමුනුකුල, ඇල්ල දෙමෝදර හරහා බදුල්ලට පැමිණිය හැකි බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කරන්නේ.
මේ අතර බදුල්ල කොළඹ මාර්ගයේ දොමෝදර ප්‍රදේශයේද නාය යාමේ අවදානමක් ඇති බැවින් එම මාර්ගය භාවිත නොකරන ලෙස පොලිසිය ජනතාවට දැනුම් දෙනවා. එම ප්‍රදේශයට ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් ඇල මාර්ග අවහිර වීමෙන් දොමෝදර ස්ප්‍රීන් වැලි මාර්ගය ජලයෙන් යටව පවතිනවා.
අනුරාධපුර රාජාංගනය ජලාශයේ වාන් දොරටු 10ක් විවෘත කර තිබෙනවා. පහත් බිම්වල සිටින ජනතාවට අවධානයෙන් සිටින ලෙසයි ජලාශභාර ඉංජිනේරුවරුන් දැනුම් දෙන්නේ.
කාසල්රී ජලාශයට ප්‍රධාන වශයෙන් ජලය සැපයෙන කෙසෙල්ගමු ඔය පිටාර ගැලීම හේතුවෙන් නොර්වුඩ් ප්‍රදේශය ජලයෙන් යටව පවතිනවා. එම ප්‍රදේශයේ නිවාස 25ක් ජලයෙන් යටව පවතින බවයි වාර්තා වන්නේ
The post නායයාම් අවදානම් පිළිබඳ විමසිලිමත් වන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයෙන් දැනුම් දීමක් appeared first on ITN News.