එළඹෙන උත්සව සමය වෙනුවෙන් හිඟයකින් තොරව සහල් වෙළෙද පොලට ලබාදීමට පියවර
එළඹෙන උත්සව සමය වෙනුවෙන් හිඟයකින් තොරව සහල් වෙළෙද පොලට නිකුත් කිරිමට නව වැඩපිලිවෙලක් ආරම්භ කර තිබෙනවා. ඒ අනුව වී අලෙවි මණ්ඩලයේ ගබඩාවල දැනට ඇති වී තොග සහල් බවට පත්කර ලංකා සතොස අලෙවිසැල් හරහා වෙළෙද පොලට නිකුත් කිරිම සැලසුමයි.
මේ පිළිබඳ විශේෂ සාකච්ඡාවක්ද පැවැත්වුණා. ඉදිරි සතිය තුළ දිවයින පුරා ගබඩාකර ඇති වී තොග ඒ අනුව සහල් බවට පත්කර ලංකා සතොසට නිකුත් කිරිම ආරම්භ කෙරෙනවා.
The post එළඹෙන උත්සව සමය වෙනුවෙන් හිඟයකින් තොරව සහල් වෙළෙද පොලට ලබාදීමට පියවර appeared first on ITN News.