පස් කන්දක් කඩා වැටීමෙන් මියගිය තිදෙනෙකුගේ සිරුරු සොයා ගැනේ
නුවරඑළිය පදියපැලැල්ල මලපට්ටාව ප්‍රදේශයේ නිවසක් මතට පස් කන්දක් කඩා වැටීමෙන් තුන්දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා. ඊයේ රාත්‍රියේ පස්කන්ද කඩා වැටෙන අවස්ථාවේ නිවස තුළ 4 දෙනෙකු සිට තිබෙනවා.
ඔවුන් සොයා කළ මෙහෙයුම්වලදී මේ වන විට සිරැරු තුනක් සොයා ගැනීමට හැකිව තිබෙනවා. මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානයේ භට පිරිස් ද මෙම මෙහෙයුම් සඳහා සහාය ලබා දෙනවා. තුන්වන සිංහ රෙජිමේන්තුව සහ රයිෆල් බලකායට අයත් පිරිස් මෙන්ම සෙසු නිලධාරීන්ද මෙම මෙහෙයුම් සඳහා එක්ව සිටිනවා.
The post පස් කන්දක් කඩා වැටීමෙන් මියගිය තිදෙනෙකුගේ සිරුරු සොයා ගැනේ appeared first on ITN News.