බැට් මෑන් චරිතයේ මෙන් මුහුණ පුරා උපන් ලප සහිත ඇමෙරිකා දරුවා සැත්කමකට
ප්‍රසිද්ධ ළමා කාටුන් චරිතයක් වන බැට් මෑන් චරිතයේ මෙන් මුහුණ පුරා උපන් ලපයක් සහිත ඇමෙරිකා දරුවා සිය ප්‍රථම සැත්කමට මුහුණ දීමට සූදානම්ව සිටිනවා.
මාස 8ක් වයසැති ලූනා ෆෙනර්ගේ මුහුණේ ඉතා දුර්ලභ චර්ම රෝගී තත්ත්වයක් හේතුවෙන් මෙවැනි ලපයක් හටගෙන තිබෙනවා. මෙම ලපය හේතුවෙන් ඇයට චර්ම පිළිකාවකට ලක්වීමේ දැඩි අවදානමක් පවතින බව වෛද්‍යවරු පවසනවා. මාස 18 ක කාලයක් ඇයට ප්‍රතිකාර ලබාදීමට බලාපොරොත්තු වන අතර එම කාලයේදී සැත්කම් 6 කට හෝ 8කට මුහුණ දෙනු ඇති. එක් සැත්කමක් සදහා ඇමෙරිකා ඩොලර් විසිපන්දහසක් පමණ වැය වන බව සදහන්. දරුවාට ප්‍රතිකාර කිරීමට ඉදිරිපත්ව ඇත්තේ රුසියා ජාතික වෛද්‍යවරියක්.
The post බැට් මෑන් චරිතයේ මෙන් මුහුණ පුරා උපන් ලප සහිත ඇමෙරිකා දරුවා සැත්කමකට appeared first on ITN News.