වසරක පමණ කාලයක් ශීතකරණයේ තබා ගනිමින් ආහාරයට ගත හැකි ඇපල් විශේෂයක්
වසරක පමණ කාලයක් ශීතකරණයේ තබා ගනිමින් ආහාරයට ගත හැකි ඇපල් විශේෂයක් ඇමෙරිකා වෙළෙදපොළට නිකුත් කර තිබෙනවා.
කොස්මික් ක්‍රිස්ප් ලෙස නම්කර ඇති මෙම ඇපල් විශේෂය නිෂ්පාදනය කිරීම සදහා වසර 2ක කාලයක් ගත වුණා. 1997 වසරේ පළමු වරට මෙම දෙමුහුන් ඇපල් විශේෂය වගා කළේ වොෂිංටන් සරසවියේදීයි. ඇපල් විශේෂය වැඩිදියුණු කිරීම සදහා වැය වූ මුදල ඇමෙරිකා ඩොලර් මිලියන 10 ක්. වොෂිංටන් ප්‍රාන්තයේ ජීවත් වන ගොවින්ට පමණක් මෙම ඇපල් විශේෂය වගා කිරීමට අවසර හිමිව තිබෙනවා. එම ප්‍රාන්තයේ ඇපල් ගස් මිලියන 12 ක් පමණ සිටුවීමටයි පියවර ගෙන ඇත්තේ.
The post වසරක පමණ කාලයක් ශීතකරණයේ තබා ගනිමින් ආහාරයට ගත හැකි ඇපල් විශේෂයක් appeared first on ITN News.