ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජනාධිපතිධුරයට පත්වී ගතවූ දින 10 තුළ එළඹි තීරණවලට ජනතා ප්‍රසාදය
ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජනාධිපතිධුරයට පත්වී ගතවූ දින 10 තුළ එළඹි තීරණවලට ජනතා ප්‍රසාදය හිමිව තිබෙනවා. මෙතෙක් පත්වූ ජනාධිපතිවරුන් නොගත් තීරණ රැසක් ගැනීමට ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කටයුතු කළා.
ගම්මිරිස්, කුරුදු ඇතුළු සුළු අපනයන භෝග ආනයනය නතර කිරීමට ගත් තීරණය තුළින් මෙරට කෘෂි කර්මාන්තය නගා සිටුවීමට විශාල දායකත්වයක් හිමිවනවා. සියයට 15ක්ව තිබූ වැට් බද්ද සියයට 8ක් දක්වා පහත හෙළීමෙන් ජනතාවට සහන රැසක් අත්වුනා. දුරකතන ගාස්තු මත අයකර තිබූ බද්ද සියයට 5කින් පහත දැමීමද ජනාධිපතිතුමා ගත් තිරණ අතර ප්‍රමුඛ වනවා. රාජ්‍ය ආයතනවලට ප්‍රධානීන් පත් කිරීමේදී විශේෂ විද්වත් කණ්ඩායමකින් යුත් නිර්දේශ ලබා ගැනීම ද නව පියවරක්. ජනාධිපතිවරයාගේ හා විෂය භාර අමාත්‍යවරයාගේ ඡායාරූප වෙනුවට රාජ්‍ය ආයතනවල, රාජ්‍ය ලාංඡනය ප්‍රදර්ශනය කෙරෙනවා. භාරකාර ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය දහසයකට සීමා කරමින් යෝජිත ආන්ඩුවේ ඇමති මණ්ඩලය සීමා කරන බවට ජනතාවට ලබා දෙන පොරොන්දුව ද බොහෝ දෙනාගේ ප්‍රසාදයට ලක්වුණා. පරිසරය සම්බන්ධයෙන් පොලිසියේ සහ අනෙකුත් කණ්ඩායම්වල අවධානය ලක් කිරිම සදහා ආරම්භ කළ ක්ෂණික වැඩපිළිවෙල සමග සියලු දෙනා එක්ව සිටිනවා. සියලු පළාත්වල ආරක්ෂාව සම්බන්ධ විශේෂ වගකීම හමුදාව වෙත ඉලක්ක කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කිරීම ද වැදගත් අවස්ථාවක්.
සිංහල ඡන්ද පදනම පිළිබද විශ්වාසය පළ කිරීම සහ එම ඡන්ද පදනමට දායක වී රට ගොඩනැගීමට අනෙකුත් සියලු ජාතිකයන්ට ආරාධනා කිරිම ද සිදු කෙරුනා. ඉන්දියාව, චීනය මෙන්ම ලෝකයේ බලවත් රාජ්‍යයන්ට අපේ රටට පැමිණ ආයෝජන කිරීමට ද ආරාධනා කෙරුනා. ජනාධිපති කාර්ය මණ්ඩලය, පරිවාර රථ සීමා කිරීම සහ ජනාධිපතිවරයා සිය නිල නිවස ලෙස තමන්ගේ පදිංචි නිවස ද තෝරා ගැනීම විශේෂ තීරණයක්.
තිරිගු පිටි ඒකාධිකාරය තුළින් ජනතාව පත්ව සිටි අපහසුතාවයෙන් මුදාගැනීමට සෙසු ආනයන කරුවන්ට ද තිරිගු පිටි ගෙන්වීමට ඉඩ ප්‍රස්තාව සලසා තිබෙනවා.
The post ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජනාධිපතිධුරයට පත්වී ගතවූ දින 10 තුළ එළඹි තීරණවලට ජනතා ප්‍රසාදය appeared first on ITN News.