වැසි තත්වය ඉදිරි දින කිහිපයේදීත්
දිවයින පුරා දැනට පවතින වැසි තත්වය ඉදිරි දින කිහිපයේදී තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
යාපනය, කිලිනොච්චිය, මුලතිව් සහ ති‍්‍රකුණාමලය දිස්ති‍්‍රක් වලට මිලිමීටර 150 ක පමණ තද වර්ෂාපතනයක් ඇති විය හැකි බවයි කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ කසුන් පැස්කුවෙල් මහතා පවසන්නේ.කන්කසන්තුරේ සිට මන්නාරම සහ පුත්තලම හරහා මීගමුව දක්වා වන මුහුදු ප‍්‍රදේශවල සුළං වේගය විටින්විට පැයට කිලෝමීටර 50 පමණ දක්වා ඉහළ යාහැකියි. ගිගුරුම් සහිත වැසි ඇති වනවිට සුළං වේගය පැයට කිලෝමීටර 80 ක් පමණ දක්වා තාවකාලිකව රළු විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ.
The post වැසි තත්වය ඉදිරි දින කිහිපයේදීත් appeared first on ITN News.