පාකිස්තානය පරදවා ඕස්ට්‍රේලියාව දෙකට බින්දුවක් ලෙස ජය ගනී
සංචාරක පාකිස්තාන කණ්ඩායම සමග පැවති ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය තරග දෙකට බින්දුවක් ලෙස ජය ගැනිමට ඕස්ට්‍රේලියාව සමත් වුණා. ඒ දෙවන තරගයෙන් ඕස්ට්‍රේලියා ඉනිමක හා ලකුණු 48ක ජයක් වාර්තා කිරිමත් සමගයි.
ඇඩිලේඩ්හි පැවැති තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියාව කඩුලු 03ක් දැවි ලකුණු 589ක් ලබා සිටියදී සිය පළමු ඉනිම අත්හිටුවිමට තීරණය කළා. එහිදි ඕස්ට්‍රේලියා ආරම්භක පිතිකරු ඩේවිඩ් වෝනර් සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ පළමු ත්‍රිත්ව ශතකය පන්දු 418කින් වාර්තා කිරිමට සමත් වුණා. නොදැවි ලකුණු 335ක් රැස් ඔහුගේ ඉනිමට හයේ පහරක් සහ හතරේ පහර 39 ඇතුලත්. පාකිස්තාන කණ්ඩායම සිය පළමු ඉනිමට සියලු දෙනා දැවි ලකුණු 302ක් රැස් කළා. බාබර් අසාම් ලකුණු 97යි. සිය පළමු ටෙස්ට් ශතකය වාර්තා කළ යසීර් ෂාහ් ලකුණු 113ක් ලබා ගත්තා. තරගයේ සිව්වන දිනය වූ ඊයේ දිනය ආරම්භ කරන විට අඛණ්ඩව සිය දෙවන ඉනිම ක්‍රිඩා කරමින් සිටි පාකිස්තානය කඩුලු 03ක් දැවි ලකුණු 39ක් ලබා සිටියා. කෙසේ වෙතත් ඔවුන්ට සිය දෙවන ඉනිමේදී සියලු දෙනා දැවි රැස් කර ගත හැකි වුයේ ලකුණු 239ක් පමණයි.
The post පාකිස්තානය පරදවා ඕස්ට්‍රේලියාව දෙකට බින්දුවක් ලෙස ජය ගනී appeared first on ITN News.