හේමසිරි පූජිත් තවදුරටත් රිමාන්ඩ්
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර යන දෙදෙනා ලබන 17 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය අද නියෝග කළා.
සැකකරුවන් දෙදෙනා කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණා. මෙම සිද්ධියට අදාළව පොලිස් නිලධාරින් 10 දෙනෙකුගෙන් පමණ ප්‍රකාශ ලබා ගැනීමට ඇති බවයි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේ. නීතිපති ගොණුකල ප්‍රතිශෝධන පෙත්සමක් සලකා බැලූ කොළඹ මහාධිකරණය සැකකරුවන් මීට පෙර ඇප මත මුදා හැරීමට කළ නියෝගය අත්හිටුවා ඔවුන් යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළා. දණ්ඩ නීති සංග්‍රහයේ 296 වගන්තියට අනුව වරදක් කර ඇති බවට නීතිපතිවරයා තහවුරු කර ඇති අවස්ථාවේ ඇප ලබාදීමට මහේස්ත්‍රාත්වරයෙකුට බලය නැති බවත් එම බලය ඇත්තේ මහාධිකරණයකට බවත් අවධාරණය කෙරුණා.
The post හේමසිරි පූජිත් තවදුරටත් රිමාන්ඩ් appeared first on ITN News.