තරුණ පරපුර පරිසරය සුරකිමින් රට අලංකාරවත් කිරීමට ගෙන යන වැඩපිළිවෙළ ජනපතිගේ පැසසුමට
රටේ තරුණ පරපුර පරිසරය සුරකිමින් රට අලංකාරවත් කිරීමට ගෙන යන වැඩපිළිවෙළ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ පැසසුමට ලක්ව තිබෙනවා. ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපතිතුමා පෙන්වා දෙන්නේ මෙම පෙරනිමිති තුළින් නිෂ්පාදන ආර්ථිකයක් කරා රට ගමන් කිරීමට ඉඩකඩ විවර වන බවයි.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සිය නිල ට්විටර් ගිණුම හරහා සටහනක් තබමින් ප්‍රකාශ කර ඇත්තේ ශක්තිමත් තරුණ පරපුරක් සිදු කරන මෙම වෙනස අතිශය අගය කරන බවයි. නව හදුන්වාදීම් නායකත්වය මෙන්ම කණ්ඩායම් හැගීමද වර්ධනය කරමින් රට පුරා බිත්ති අලංකාර කිරීම සදහා සිතුවම් නිර්මාණය කිරීමේ වැඩපිළිවෙළක් තරුණ පරපුර අරඹා තිබෙනවා. නිර්මාණශීලීත්වය තුළින් රට නිෂ්පාදන ආර්ථිකයක් කරා ගෙනයාමේ පෙරනිමිති මේ තුළින් පෙන්නුම් කරන බවයි ජනාධිපතිතුමා පෙන්වා දෙන්නේ. එමෙන්ම තරුණ පරපුරේ මෙම උත්සාහය පිළිබද තමා දැඩි සේ ආඩම්බර වන බවද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවසා තිබෙනවා.
The post තරුණ පරපුර පරිසරය සුරකිමින් රට අලංකාරවත් කිරීමට ගෙන යන වැඩපිළිවෙළ ජනපතිගේ පැසසුමට appeared first on ITN News.