මෙක්සිකෝ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ පොලිසිය අතර ගැටුම් උග‍්‍රවෙයි
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ මෙක්සිකෝ පොලිසිය අතර ගැටුම් උග‍්‍රවී ඇති බව එරට වාර්තා පවසනවා.
ගැටුම්වලින් පසුගිය පලමුවනදා පමණක් 127 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බවයි එම වාර්තා පෙන්වා දෙන්නේ. ඒ 1997 වසරට පසුව දේශියව සිදුවූ ගැටුම්වලින් එක් දිනක් තුළ මියගිය වැඩිම පිරිස සටහන් කරමින්.
මෙක්සිකෝ ජනාධිපතිවරයා මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩපැවැත්වීම සදහා ගෙනයන උපායමාර්ග පිලිබදව ද වැඩි අවධානයක් යොමුව තිබෙනවා.
The post මෙක්සිකෝ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ පොලිසිය අතර ගැටුම් උග‍්‍රවෙයි appeared first on ITN News.