හිරුණිකාට එරෙහි නඩුව ලබන මැයි මස 4 වනදා කැදවීමට නියෝග
පාර්ලිමේන්තු මන්ත‍්‍රි හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර මහත්මියට එරෙහි නඩුව ලබන මැයි මස 4 වනදා කැදවීමට කොළඹ මහාධිකරණය නියෝග කළා.
දෙමටගොඩ ප‍්‍රදේශයේදී තරුණයෙකු ඩිපෙන්ඩර් රථයකින් පැහැරගෙන ගියේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ඇයට චෝදනා එල්ලවී තිබෙනවා. තම සේවාදායිකාව වරද පිලිගැනීමකින් තොරව හා දඩුවම් කිරිමකින් තොරව නඩුව අවසන් කරගැනීමට අපේක්ෂා කරන බවයි නඩුව අද (03) කැදවූ අවස්ථාවේ ඇය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට දැනුම් දුන්නේ.
මෙම ස්ථාවරය නීතිපතිවරයා වෙත දැනුම් දෙන බවයි විත්ති පාර්ශ්වයේ නීතිඥයා අධිකරණයට දැනුම් දුන්නේ. නඩුව අවසන් කරගන්නේනම් හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර මහත්මිය වරද පිළිගැනීමවත් අපේක්ෂා කරන බවයි අගතියට පත් පාර්ශ්වය අධිකරණයට දැනුම් දුන්නේ.
The post හිරුණිකාට එරෙහි නඩුව ලබන මැයි මස 4 වනදා කැදවීමට නියෝග appeared first on ITN News.