ලොව දක්ෂතම පාපන්දු ක්‍රීඩකයාට හිමි රන් පාපන්දු සම්මානය ආර්ජන්ටිනාවට
ලොව දක්ෂතම පාපන්දු ක්‍රීඩකයාට පිරිනැමෙන බැලන් – ඩෝර් හෙවත් රන් පාපන්දු සම්මානය මෙවරත් දිනා ගැනිමට ආර්ජන්ටිනා ක්‍රීඩක ලියොනල් මෙසී සමත් වුණා.
මෙවර රන් පාපන්දුව මෙසී ජයග්‍රහණය කළේ 2015 වසරෙන් පසු පළමු වතාවටයි. ඔහු මෙම සම්මාන දිනු හයවන අවස්ථාව වීම ද විශේෂත්වයක්. පෘතුගාල ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ පස් වතාවක් ජයග්‍රහණය කර තිබෙනවා. මෙවර රොනාල්ඩෝට හිමිවුණේ තුන්වන ස්ථානයයි. ලියොනල් මෙසී ආර්ජන්ටිනා කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කර ඇති අතර ස්පාඤ්ඤයේ බාසිලෝනා ක්‍රීඩා සමාජයට ශුරතා රැසක් හිමි කර ගැනිමට දායක වී තිබෙනවා.
The post ලොව දක්ෂතම පාපන්දු ක්‍රීඩකයාට හිමි රන් පාපන්දු සම්මානය ආර්ජන්ටිනාවට appeared first on ITN News.