කසල තේ කිලෝග‍්‍රෑම් තිස්හත් දහස් පන්සියයක් අත්අඩංගුවට
කසල තේ කිලෝ්ග‍්‍රෑම් තිස්හත් දහස් පන්සියයක් අත්අඩංගුවට ගත්තා.
ශ‍්‍රි ලංකා රේගුවේ අපනයන පහසුකම් මධ්‍යස්ථානයේදී වැටලීම සිදුකළ බවයි අප වාර්තාකරු සදහන් කළේ. සැකකරුවන් හය දෙනෙකුද අත්අඩංගුවට ගෙන තිබෙනවා. එක්සත් අරාබි එමිර් රාජ්‍යයට අපනයනය සදහා සුදානම් කර තිබූ මෙම කසල තේ තොගයේ වටිනාකම රුපියල් මිලියන තුන හමාරකට අධික බව ද රේගුව ප‍්‍රකාශ කළා.
අඩි 40 බහාලුම් දෙකක රදවා තිබූ මෙම කසල තේ තොගය කොහුබත් ලෙස සදහන් කර තිබූ බවයි බවයි හෙළිවුණේ.
The post කසල තේ කිලෝග‍්‍රෑම් තිස්හත් දහස් පන්සියයක් අත්අඩංගුවට appeared first on ITN News.