වීසා නොමැතිව මෙරට රැදී සිටි විදෙස් ජාතිකයන් 21ක් අත්අඩංගුවට
වීසා නොමැතිව මෙරට රැදී සිටි විදෙස් ජාතිකයන් 21 දෙනෙකු වැල්ලම්පිටිය ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඉන්දීය ජාතිකයන් 19 දෙනෙකු සහ බංගලිදේශ ජාතිකයන් දෙදෙනෙකුද ඒ අතර වන බවයි ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසන්නේ. ඔවුන්ගෙන් කිහිප දෙනෙකු මෙරට විවිධ රැකියා සිදුකර ඇතිබවද හෙලිවුණා. අත්අඩංගුවට ගත් පුද්ගලයන් අවුරුදු 25 ත් 40 ත් අතර වයස්වල පසුවන්නන්.
ඔවුන් මිරිහාන රැදවුම් කදවුරේ තබා ඇති බවයි ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසන්නේ.
The post වීසා නොමැතිව මෙරට රැදී සිටි විදෙස් ජාතිකයන් 21ක් අත්අඩංගුවට appeared first on ITN News.