කටුපොල් තහනම් කිරීම ගැන පරිසර සංවිධාන එකමුතුවෙන් ඇමති රමේෂ්ට ලිපියක්
පසුගිය රජය මගින් කැබිනට් තීන්දුවක් මගින් තහනම් කිරීමට පියවර ගනු ලැබූ කටුපොල් තහනම ගැසට් කිරීමේ අවශ්‍යතව පැහැදලි කිරීම සඳහා සාකච්ඡාවක් ලබාදෙන ලෙස පරිසර සංවිධාන එකමුතුව වැවිලි කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණගෙන් ඉල්ලා සිටියි. පරිසර සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු අඳුරත්විල චන්ද්‍රජෝති හිමි වැවිලි කර්මාන්ත ඇමතිවරයා වෙත ලිපියක් යොමුකරමින් මෙම ඉල්ලීම සිදුකර තිබේ. එම ලිපියේ දැක්වෙන ආකාරයට පරිසර සංවිධාන එකමුතුව විසින් නොනවත්වා සිදුකරන ලද අරගලයේ ප්‍රථිපලයක් ලෙස කටුපොල් තහනමට අවස්ථා දෙකකදී කැබිනට් අනුමැතිය හිමිව තිබේ. නමුත් එය එම තහනම ගැසට් කර නීතියක් බවට පත්කර නොමැති තත්ත්වයක් තුළ තවදුරටත් වතු සමාගම් මෙම විනාශකාරී භෝගය ව්‍යාප්ත කරමින් සිටින බව අඳුරත්විල චන්ද්‍රජෝති හිමි සිය ලිපිය මගින් පෙන්වා දී ඇත.
The post කටුපොල් තහනම් කිරීම ගැන පරිසර සංවිධාන එකමුතුවෙන් ඇමති රමේෂ්ට ලිපියක් appeared first on Lanka Views | Views of the truth.