දක්‍ෂිණ අධිවේගයේ වැටිය, අන්දරවැව කොටස් අනාරක්‍ෂිතයි
දක්‍ෂිණ අධිවේගි මාර්ගයේ වැටිය, මත්තල හා අන්දරවැව හම්බන්තොට කොටස් නිසි පරිදි වැඩ අවසන් කර නොමැතිව අනාරක්‍ෂිත ලෙස විවෘත කර ඇති බව අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසනවා.
දක්‍ෂිණ අධිවේගී මාර්ගයේ මාතර සිට මත්තල දක්වා කොටසේ ඉදිකිරීම්වල ප්‍රගතිය සොයා බැලීමේ සංචාරයකට එක්වීමෙන් අනතුරුවයි ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා මේ බව සඳහන් කළේ. පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ මහතා ඇතුලු පිරිසක් ද සංචාරයට එක්ව සිටියා.
මෙම මාර්ගයේ වැඩ අවසන් වීමට පෙර දේශපාලන අවශ්‍යතා මත විවෘත කිරිම තුළින් මගීන් අනාරක්‍ෂිත තත්ත්වයට පත්කර ඇති බවයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේ.
The post දක්‍ෂිණ අධිවේගයේ වැටිය, අන්දරවැව කොටස් අනාරක්‍ෂිතයි appeared first on ITN News.