United States Connecticut change
Sri Lanka Breaking News
Sri Lanka parliament
vivalankaSri Lanka newsSri Lanka businessSri Lanka sportsSri Lanka technologySri Lanka travelSri Lanka videosSri Lanka eventssinhala newstamil newsSri Lanka business directory
vivalanka advertising
Menu
Stay Connected
facebooktwittermobile
Popular Searches
T20 World Cup
Sponsored Links
Sri Lanka Explorer

ද්විපාර්ශ්වික සබඳතා වර්ධනයයට කැපවන බව විදෙස් රාජ්‍ය තාන්ති‍්‍රකයන් ජනපති හමුවේ කියයි

Dec 3, 2019 7:41:49 AM - itnnews.lk

ශ්‍රී‍්‍ර ලංකාව සමඟ ද්විපාර්ශ්වික සබඳතා වර්ධනයට කැපවන බව විදෙස් රාජ්‍ය තාන්ති‍්‍රකයන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හමුවේ ප‍්‍රකාශ කළා.

ශ්‍රී‍්‍ර ලංකාවේ එක්සත් අරාබි එමීර් රාජ්‍ය තානාපති අහමඩ් අල් මුල්ලා මහතා ජනාධිපති කාර්යාලයේ දි ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හමුවි තිබෙනවා. සුහද කතාබහක නිරත වූ තානාපතිවරයා දෙරටේ සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගනිමින් ඉදිරියේදි වඩා සහයෝගයෙන් කටයුතු කිරිමට කැපවන බවට සහතික වුණා.

ජනාධිපතිතුමාගේ නව දැක්මක් සහිත වැඩපිළිවෙල අගය කළ තානාපතිවරයා එය සාර්ථක කර ගැනීමට උපරිම සහය ලබාදෙන බවයි ප‍්‍රකාශ කළේ.

මේ අතර ශ්‍රී‍්‍ර ලංකාවේ නවසීලන්ත මහ කොමසාරිස් ජොඅන්නා කෙම්ප්කර්ස් මහත්මිය ඇතුළු දූත පිරිස ද පස්වරුවේ ජනාධිපතිතුමා හමුවි තිබෙනවා. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට සුභපැතුම් පළකළ ඔවුන් දෙරට අතර සබඳතා තවදුරටත් ශක්තිමත් කරමින් අන්‍යෝන්‍ය ප‍්‍රතිලාභ ඉහල නංවා ගැනීමට කැපවන බව එම දූත පිරිස සදහන් කළා.

The post ද්විපාර්ශ්වික සබඳතා වර්ධනයයට කැපවන බව විදෙස් රාජ්‍ය තාන්ති‍්‍රකයන් ජනපති හමුවේ කියයි appeared first on ITN News.