පාකිස්ථාන විදේශ අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක්
දෙදින සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණි පාකිස්ථාන විදේශ අමාත්‍ය මක්දූම් ෂා මෙහමූඩ් කුරේෂි මහතා ඊයේ ( 02) විදේශ අමාත්‍යංශයේ දී විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමු වූ අතර, ප්‍රධාන අංශ ඔස්සේ තවදුරටත් විවිධාංගීකරණය හා වර්ධනය කළ හැකි, දැනට වර්ධනය වෙමින් පවත්නා ද්විපාර්ශ්වික සබඳතා පිළිබඳව සාකච්ඡා කළේය.