පසුගිය වසරේ තුන්වන කාර්තුවේ සිට මැලේසියාව විසින් ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 13 කට ප්ලාස්ටික් අපද්‍රව්‍ය බහාලුම් 150 ක් ආපසු යවා ඇති බව ස්කයි ප්රවෘත්ති සේවය වාර්තා කර තිබේ.
මැලේසියාවේ පරිසර ඇමති යෙයෝ බී යින් පවසා ඇත්තේ මේ වසර මැද භාගය වන විට තවත් බහාලුම් 110 ක් ආපසු එවීමට අපේක්ෂා කරන බවයි.
එසේම මැලේසියාව ලෝකයේ කුණු බඳුන බවට පත් කිරීමට උත්සාහ කරන අයට එය සිහිනයක් පමණක් වනු ඇති බව පරිසර අමාත්‍යවරයා අනතුරු අඟවා තිබේ.
චීනය විසින් ප්ලාස්ටික් අපද්‍රව්‍ය ආනයනය කිරීම 2018 දී තහනම් කළ පසු නීති විරෝධී ආකාරයෙන් ගිනිකොනදිග ආසියාවේ රටවලට කුණු ප්‍රවාහනය කර තිබුණි. මැලේසියාව , ඉන්දුනීසියාව, පිලිපීනය, වියට්නාමය වැනි රටවල් රැසක් මේ හේතුව නිසා විශාල පාරිසරික අවධානමකට මුහුණ දෙමින් සිටින බව වාර්තා විය. මේ අනුව එම රටවල් මෙම ප්රශ්නය විසඳීමේ එක් ක්‍රමයක් ලෙස කුණු තොග අයත් රටට එම කුණු නැවත පටවා යැවීමට තීරණයක් ගෙන තිබුණි.
මේ අනුව කුණු බහාලුම් 150 න් 43 ක් ප්රංශයටද, 42 ක් එක්සත් රාජධානියටද, 17 ක් එක්සත් ජනපදයටද, 11 ක් කැනඩාවටද, 10 ක් ස්පාඤඤයටද, ඉතිරිය හොංකොං, ජපානය, සිංගප්පූරුව, පෘතුගාලය, චීනය, බංග්ලාදේශය, ශ්‍රී ලංකාව සහ ලිතුවේනියාව වෙතද ආපසු යවා ඇති බව මැලේසියාවේ පරිසර අමාත්‍යාංශය පවසයි.
The post ලංකාව ඇතුලු රටවල් 12කින් මැලේසියාවට යැවූ කසළ තොග ආපසු එවයි appeared first on Lanka Views | Views of the truth.