How can Sri Lankan charities find international donors and partners?

හොරු නොඅල්ලනු!

- vikalpa.org

රටේ ජනතාවගේ ඡන්දයෙන් පාර්ලිමේන්තුවට නියෝජිතයන් පත්කර යවනු ලබන්නේ රටක සම්පත්, ජාතික දේපළ ආරක්ෂා කර ඒවා වැඩි දියුණු කර හදාවඩා ජනතාවගේ උවමනාවන් සඳහා, සමාජයේ ඉදිරි සංවර්ධනය සඳහා ක්‍රමවේදයන් සකස් කර සොර සතුරන්ට ජාතික දේපළ සොරකම් කර ගැනීමට ඇති ඉඩකඩ අහුරා, එසේ ජාතික දේපළ හොරකම්කළ පුද්ගලයන් නීතිය ඉදිරියට ගෙනඒම තුලින් රටේ ජනතා දේපළ ආරක්ෂා කර ගැනීම සඳහායි. ජනතා දේපළ සොරා කා ඇත්තේ, නැති නාස්ති කර ඇත්තේ, ඒවා අපයෝජනය කර ඇත්තේ, කවුරුන් විසින්ද ඔවුන් නීතිය ඉදිරියට ගෙනඒම සඳහා රාජ්‍ය සහ ආයතන මෙහෙයවීමද මෙම නියෝජිතයන් සතු කාර්ය භාරයකි.

නමුත් දැන් සිදුවෙමින් තිබෙන දෙය ලංකාව නැමැති ආසියාවේ ආශ්චර්යේ දූපත මිස ලොව වෙනත් කිසිම තැනක සිහිනෙනුදු සිදුවිය නොහැක්කි. ඉතාම කෘරම ෆැසිස්ට් රාජ්‍යවල පවා මෙවැන්නක් මේ අයුරින් මෙතෙක් සිදුවී නොමැත. ජනතාව තම ඡන්දයෙන් තමා වෙනුවෙන් පාර්ලිමේන්තුවට යවා සිටින නියෝජිතයන් හොරු ඇල්ලීම වෙනුවට ‘හොරු නොඅල්ලනු’ කියා සටන් පාඨයක් ගෙන පාර්ලිමේන්තුව තුල උපවාස කරමින් සිටී. ඇත්තෙන්ම පසුගිය වසර 09 තුල මහින්ද කල්ලිය පාර්ලිමේන්තුව විගඩම් මඩුවක් බවට පත්කරගෙන පැවතුණි. තාමත් ඔවුන් උත්සාහ දරනුයේ පාර්ලිමේන්තුව විගඩම් මඩුවක් ලෙස දිගටම පවත්වාගෙන යාමටයි. එසේ නොමැති නම් ජනතාවගේ ඡන්දයෙන් ඔවුන්ගේ නියෝජිතයන් ලෙස පාර්ලිමේන්තුවට ආ මොවුනට හොරු අල්ලන්න එපා යැයි රෙදි ඇදගෙන නම් කිව නොහැක.

රටේ සිදුවී ඇති හොරකම්, වංචා පමණක් නොව කුඩු වෙළදාම වැනි අපරාධ සම්බන්ධයෙන්ද දේශපාලඥයන්ගේ සහ මැති ඇමතිවරුන්ගේද සම්බන්ධතා ඇති බව පසුගිය කාලයේ දිගින් දිගටම වාර්තා වුනි. ‘ශ්‍රී ලංකන් එයාර් ලයින් සමාගමේ’ සහ තවත් විශාල දූෂණ සහ වංචා මෙන්ම රජයට එරෙහි කුමන්ත්‍රණ ආදිය ගැනද මහින්ද රාජපක්ෂට සහ ඔහුගේ සහෝදරයන්ට එරෙහිව චෝදනා ඉදිරිපත් වුනි. ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ අනුදැනුමෙන් පවත්වාගෙන යන නිලනොවන මිනීමරු කණ්ඩායම් මගින් විරුද්ධවාදීන් අතුරුදහන් කිරීම ගැනද පැමිණිලි පවා ඉදිරිපත් විය. රට තුල මහා පරිමාණයෙන් සිදුවී ඇති මුදල් වංචා සහ අයථා ගණුදෙනු සෑම එකකදීම පාහේ මහින්ද රාජපක්ෂගේ නම ඒවා සමග ඈදී පවතී. එමෙන්ම රටේ ජනාධිපතිවරයා වශයෙන් ඔහු ඔහුගේ ඇමති මණ්ඩලය කරන වංචා සහ දූෂණයන් පිළිබඳවද මුණිවත රැකීමේ පිලිවෙත අනුගමනය කිරීම තුලින් එම දූෂණයන්හි කොටස්කරුවකු බවට පත්වී තිබේ. ඒවාගේම ඔහු විසින් පත්කළ නිලධරයන් සහ අනුගාමිකයන් විසින් කළ දූෂණයන් සහ වංචාවන් දැන දැන නිහඬව සිටීම තුලින් ඔහුත් නීතිය ඉදිරියට ගෙන ආ යුතු වැරදි කරුවෙකු බවට පත්වේ.

දැන් පාර්ලිමේන්තු සභාගැබේ බිම වාඩිවී උපවාසයේ යෙදී සිටින වැඩි දෙනෙකුට එරෙහිව කෙලින්ම සොරකම්, අල්ලස්, බලය අපයෝජනය ආදී චෝදනා එල්ල වී ඇති අයයි. ඔවුන් පාර්ලිමේන්තු සභාගැබ තුල බිම වාඩිවී කරමින් සිටින්නේ ‘සොර නොඅල්ලනු’ කියා උපවාස කිරීමකි. හොරුන් විසින් හොරුන් නොඅල්ලනු යැයි කියා කිවීමට වඩා යමක් මෙතුල නොමැත. නමුත් ඔවුන්ගේ උපවාසය ඔවුනට නරක නැත. රාජ්‍ය දේපළ, ජනතා සම්පත් කාලාන්තරයක් තිස්සේ සොරා කා තරවී ඇති මොවුන්ගේ බඩගෙඩි ටික එවිට බැස යනු ඇත. නමුත් රටක් වශයෙන් නීතිය ඉදිරියට මොවුන්ගේ මහඑකා පමණක් නොව මේ සැම ගෝලබාලයෙකුම එකා පසුපස එකා ගෙන ආ යුතුය. කෙසේ වුවත් මෙහි ලැග සිටින රැලට ජනතාව ඡන්දය දී තම නියෝජිතයන් ලෙස පත්කර පාර්ලිමේන්තුවට යවා ඇති අයයි. පසුගිය වසර 9ක මහින්ද කල්ලිය රට ගෙන ගොස් ඇති තැන මෙතුලින් රූපයක් මවනු ලබයි. තමන් ජනතා නියෝජිතයන් ලෙස පත්කර මැති සභයට යවනුයේ ජනතාවට සේවය කිරීමට බව ඔවුනට අමතක වී ඇත. (ඇත්තනම් ඔවුන් ජනතාවට සේවය කිරීමට පත්කළ අය බව ඔවුන්ම දන්නේ නැත) ඒ ඒතරම්ම කාලයක් ඔවුන් පාර්ලිමේන්තුව වෙත ගොස් ඇත්තේ, එහි ක්‍රියාත්මක වී ඇත්තේත් එක පවුලකට (රාජපක්ෂ පවුලට) හා තමන්ගේ නෑ හිතවතුවන්ට සේවය කිරීම පිණිස නිසාවෙනි. ඇත්තවශයෙන්ම ඔවුනට තමන් කවුද යන්න අමතක කරවා නැත. ඔවුන් පුද්ගලයෙකුට සේවය කිරීමට, පුද්ගලයෙකු ආරක්ෂා කිරීමට පුරුදු පුහුණු කළ සුනඛ රැළක තත්වයට පත්කර හමාරය. මොවුනට වහාම මතක් කර දිය යුත්තේ ඔවුන් පාර්ලිමේන්තුවට පත්කර යවා ඇත්තේ හොරුන් ඇල්ලීමට මිස හොරුන් ආරක්ෂා කිරීමට නොවන බවයි.

නමුත් මේ කියන තරමට එය පහසු නැති බව සහතිකය. ඒ ඒ තරමටම ඔවුන් මෙම කල්ලි ගැසීම තුල එයටම පුරුදු වී එම පුරුද්දට ඇබ්බැහි වී සිටින බැවිනි. මෙවැනි හොරු ආරක්ෂා කරන්නට ඉදිරිපත් වී හොරු අල්ලන්නට එපා යැයි කියන අයට තවදුරටත් තම ඡන්දය පාවිච්චි කරන අයට ඇත්තෙන්ම සැපයියයුතුව ඇත්තේ ගව ආහාරයි.

මේ සිදුවෙමින් පවතින දෙය දෙස බැලූ බැල්මට එය සිනහ උපදවන විහිලු සහගත දෙයකි. මේ සිදුවෙමින් පවතින්නේ ලැජ්ජා විරහිත බවේ සළු උනා දැමීමකි. පාර්ලිමේන්තුවක නියෝජිතයන් නොව සාමාන්‍ය සාදාචාර සම්පන්න සමාජයක පවා සිදුවිය නොහැකි දෙයකි. හොරුන් අල්ලන්න එපා යැයි කිසියම්ම සදාචාරාත්මක මිනිසෙකු විසින් කිසිම සමාජයක ප්‍රකාශ නොකරති. නමුත් මේ සිදුවෙමින් පවතින්නේ සරල හිනාවට කාරණයක් නොවන බව පැහැදිලිය. රටක් කාලයක් තිස්සේ තම පුද්ගලික උවමනාවන් සඳහා පරිහණය කරන කල්ලියක්, වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම රටක බලය තම අතට ගෙන සිටි ෆැසිස්ට් කල්ලියක් තම අතින් ගිලිහුණු බලය නැවත ලබා ගැනීමට කරගෙන යන කුමන්ත්‍රණයක කොටසකි. මොවුන් දැන් ඉතා සූක්සම ලෙස විවිධ පෙරමුණුවලින්, විවිධ මුහුණුවලින් සටන ආරම්භ කර හමාරය.

ජාතිවාදී, ෆැසිස්ට් කල්ලියකට බලය අල්ලා ගැනීමට ඔවුන්ගේ අනුගාමිකයන් තමන් රටේ මහජන බලවේගය ලෙස පවසමින් වීදි බැස සටනට එළඹ සිටී. තවත් අතක බලය වෙනස් කිරීමට එරෙහිව විවිධ උප්පරවැට්ටි යොදමින් ව්‍යවස්ථා වෙනස අවහිර කරමින් පවතී. තවත් පෙරමුණක නිලධර සහ නීතිමය ක්ෂේත්‍රවල වැරදිකරුවනට එරෙහිව සාක්ෂි ගොනු කිරීම අඩාල කරමින් සොරුන්ට නිදල්ලේ සිටීමට මග පාදමින් පවතී. දැන් අලුත් පෙරමුණකින් පාර්ලිමේන්තුව තුල උපවාසයක් ලෙසින් ‘හොරු නොඅල්ලනු’ යන සටන් පාඨය අමු අමුවේම ලැජ්ජා විරහිත ලෙස එළියට දමා ඇත.

සදාචාරාත්මක සමාජයක සිතා ගැනීමටවත් බැරි මේ ඉල්ලීම පාර්ලිමේන්තුවක් තුලම සිදුවීමෙන් මොවුන් සිදුකරන්නේ මුළු පාර්ලිමේන්තු ක්‍රමයටම නිගාවකි. ඒත් ලංකා පාර්ලිමේන්තුවට අප ගාල් කර ඇත්තේ රටේම සිටින තක්කඩින් නම් මීට වඩා යමක් අපට මොවුන්ගෙන් බලාපොරොත්තු විය නොහැක. මෙම ෆැසිස්ට්වාදී හොරුන් සහ තක්කඩීන් පාර්ලිමේන්තුවෙන් ඉවතට ගෙන සිරගෙවල ගාල් කිරීමට දැන් කාලය පැමිණ ඇත. එය එසේ නොකරන්නේ නම් ලංකා සමාජයට සහ රටට දෙවියන්ටවත් පිහිට විය නොහැකි වනු ඇත.

Image by: (MP)Harsha de silva/FB

ranjith_hennayakeරංජිත් හේනායකආරච්චි | Ranjith Henayakaarchchi

You may also like

- adaderana.lk

Sri Lanka and Singapore have signed a Memorandum of Understanding (MoU) with a view to working together to promote the boating and yachting industries.

- adaderana.lk

At least 118 inmates escaped from prison after heavy rains on Wednesday night damaged the facility in Suleja near the Nigerian capital, a prison service spokesperson said.

- adaderana.lk

Sri Lanka s Foreign Minister Ali Sabry is scheduled to leave for Riyadh, Saudi Arabia to attend the World Economic Forum s Special Meeting on Global Cooperation, Growth and Energy for Development which will be held in Riyadh, Saudi Arabia from 28-29 April 2024.

- adaderana.lk

The Japanese International Cooperation Agency (JICA) has agreed to commence the second phase of the Anuradhapura North Water Supply Project, says State Minister of Finance Shehan Semasinghe.

- adaderana.lk

TNA leader and Trincomalee District Parliamentarian R. Sampanthan has been granted leave of three months from attending Parliament sessions.

- adaderana.lk

Former President Maithripala Sirisena has sent a letter of demand to Minister Mahinda Amaraweera, seeking Rs. 1 billion in damages over defamation.

Resources for Sri Lankan Charities:View All

How important are accountability and transparency for a charity to receive international donations
How important are accountability and transparency for a charity to receive international donations

Sri Lankan Events:View All

Sep 02 - 03 2023 12:00 am - 1:00 am Sri Lankan Events - Canada
Sep 09 2023 7:00 pm Sri Lankan Events - Australia
Sep 16 2023 6:00 pm - 11:30 pm Sri Lankan Events - USA
Oct 14 2023 8:00 am Sri Lankan Events - UK

Entertainment:View All

Technology:View All

Local News

Local News

Sri Lanka News

@2023 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc