How can Sri Lankan charities find international donors and partners?

2023 වර්ල්ඩ් කප් එකට සුදුසුකම් ලබන්නේ කොහොමද…?

- srilankacricket.lk

2023 වසරේ ඉන්දියාවේ පැවැත්වීමට නියමිත පන්දුවාර 50 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීම සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් හඳුන්වා දී තිබෙන නවතම තරගාවලි ව්‍යුහයට අනුව ශ්‍රී ලංකාව ඇතුළු ටෙස්ට් තත්ත්වය හිමි සෑම රටකටම ද්වී පාර්ශ්වික එක්දින තරගාවලි 8 කට ක්‍රීඩා කළ යුතු වේ. ඒ අතරින් වැඩිම ප්‍රසාද ලකුණු ලබන කණ්ඩායම් 7 ට සෘජුවම ලෝක කුසලාන වරම හිමිවනු ඇත.

2023 ලෝක කුසලාන තරගාවලිය සඳහා වන ගමනේදී රටවල් 32 ක් අදිර 3 ක් ඔස්සේ තරග වැදීමට නියමිතව තිබුණද ශ්‍රී ලංකා කණ්ඩායමට වැදගත් වන්නේ  අයි. සී. සී. ක්‍රිකට් ලෝක කුසලාන සුපර් ලීග් අදියර යටතේ රටවල් 13 ක් තරග වදිනු ලබන වටයේ වැඩිම ප්‍රසාද ලකුණු ලබා ගනු ලබන කණ්ඩායම් 7 අතරට ඇතුළුවීම පමණි.

එම කණ්ඩායම් 13 අතර ටෙස්ට් වරම් හිමි සාමාජිකයින් 12 දෙනාට අමතරව 2015-2017 අයි. සී. සී. සී. ලෝක ක්‍රිකට් සුපර් ලීගයේ ශූරයින් බවට පත් වුණු නෙදර්ලන්ත පිල ඇතුළත් වුවද එම තරග වටයේදී ඔවුන්ට එරෙහිව තරග කිරීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට අහිමිව තිබේ. එම තරග වටය යටතේ නෙදර්ලන්තයට අමතරව ඔස්ට්‍රේලියාව, අයර්ලන්තය සහ පාකිස්තානයට එරෙහිවද ශ්‍රී ලංකාව තරග වැදීමෙන් වැළකී සිටිනු ඇත.

තරග කාල සටහනට අනුව එම සුදුසුකම් ලබා ගැනීමේ අවස්ථාව හිමිවන්නේ 2022 මාර්තු මස 31 වැනිදා වන විට ලෝක කුසලාන සුපර් ලීග් තරග වටයේ ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථාන 7 අතිරේ සිටින කණ්ඩායම්වලට පමණි.

සහභාගිවන රටවල් අතුරින් පළමු රටවල් 7 ට අතරට ඉන්දීය කණ්ඩායම පැමිණියහොත් ප්‍රසාද ලකුණු සටහනේ 8 වැනි ස්ථානයට පත් කණ්ඩායමටද සෘජුවම ලෝක කුසලාන තරගාවලි වරම හිමිවනු ඇත. යම් හෙයකින් පළමු කණ්ඩායම් 7 අතරට පැමිණීමේ අවස්ථාව අහිමි වුවද සත්කාරක රටට ලෝක කුසලාන අවස්ථාවට සුදුසුකම් ලැබීමට හිමිවන වාසිය ද ඉන්දීය පිල සතුවේ.

යම් හෙයකින් පළමු කණ්ඩායම් 7 ට පැමිණීමේ අවස්ථාව රටකට අහිමි වුවද ඔවුන්ට තවදුරටත් ලෝක කුසලාන තරගාවලියට ක්‍රීඩා කිරීමේ බලාපොරොත්තු අහිමි නොවනු ඇත. ඒ අනුව ඔවුන්ට ලෝක කුසලාන සුපර් ලීග් දෙවැනි තරග වටය යටතේ තරග කිරීමට සිදුවන අතර එහිදී වැඩිම ලකුණු ලබන කණ්ඩායම් 2 අතරට පැමිණිය හොත් නැවතත් ලෝක කුසලාන වරම හිමිකර ගැනීමේ අවස්ථාව ඔවුන්ට උදාවනු ඇත.

ලීග් ආකෘතිය යටතේ ද්වී පාර්ශ්වික තරගාවලි ලෙසින් පැවැත්වෙන මෙම තරග වටයේදී තරගාවලි 4 ක සත්කාරකත්වයද තරගාවලි 4 ක් සංචාරකයින් ලෙසද තරග කිරීමට සිදුවනු ඇත. මෙම තරග වටය යටතේ සමස්ථ තරග 156 ක් පැවැත්වෙනු ඇත. මෙහිදී ශ්‍රී ලංකාව ඉන්දියාව, දකුණු අප්‍රිකාව, සිම්බාබ්වේ සහ ඇෆ්ගනිස්ථානයට එරෙහිව සත්කාරක වාසිය සමඟ තරග වදිනු අතර බංග්ලාදේශය, නවසීලන්තය, බටහිර ඉන්දීය කොදෙව් සහ එංගලන්තය සමඟ එතෙර ගොස් තරග වැදීමට නියමිතව තිබේ.

The post 2023 වර්ල්ඩ් කප් එකට සුදුසුකම් ලබන්නේ කොහොමද…? appeared first on Sri Lanka Cricket.

You may also like

- island.lk

Heat index Advisory issued by the Natural Hazards Early Warning Centre At 4.00 p.m. 19 April 2024, valid for 20 April 2024 The heat index, the temperature felt on human body is expected to increase up to ‘Caution level’ at some places in Northern, North-central, Western, Sabaragamuwa, Eastern, Southern and North-Western provinces and Monaragala district. […]

- colombotelegraph.com

[…]The post Transforming Faces with FaceMod – A Comprehensive Guide and Analysis appeared first on Colombo Telegraph.

- colombotelegraph.com

[…]The post A Guide to Talking Photos with Wondershare Virbo appeared first on Colombo Telegraph.

- adaderana.lk

The distribution of fortified rice, provided by the World Food Program (WFP) on behalf of the program initiated under the instructions of President Ranil Wickremesinghe, to provide a nutritious meal for school students, commenced today, (19) at the Veyangoda warehouse complex.

- news.lk

The distribution of fortified rice, provided by the World Food Program (WFP) on behalf of the program initiated under the instructions of President Ranil Wickremesinghe, to provide a nutritious meal for school students, commenced today, (19) at the Veyangoda warehouse complex.

- island.lk

The distribution of 735 metric tons of rice, provided by the World Food Program (WFP) for  the 2024 school meal program commenced today, (19) at the Veyangoda warehouse complex. M.H.A.M. Riflan, Director General for the Partnership Secretariat for World Food Programme Co-operation (PSWFPC), under whose purview the distribution took place said that 378.835 metric tons […]

Resources for Sri Lankan Charities:View All

How important are accountability and transparency for a charity to receive international donations
How important are accountability and transparency for a charity to receive international donations

Sri Lankan Events:View All

Sep 02 - 03 2023 12:00 am - 1:00 am Sri Lankan Events - Canada
Sep 09 2023 7:00 pm Sri Lankan Events - Australia
Sep 16 2023 6:00 pm - 11:30 pm Sri Lankan Events - USA
Oct 14 2023 8:00 am Sri Lankan Events - UK

Entertainment:View All

Technology:View All

Local News

Local News

Sri Lanka News

@2023 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc