United States Connecticut change
Sri Lanka Breaking News
Sri Lanka parliament
vivalankaSri Lanka newsSri Lanka businessSri Lanka sportsSri Lanka technologySri Lanka travelSri Lanka videosSri Lanka eventssinhala newstamil newsSri Lanka business directory
vivalanka advertising
Menu
Stay Connected
facebooktwittermobile
Popular Searches
T20 World Cup
Sponsored Links
Sri Lanka Explorer

යුද හමුදව-කෝල්ට්ස්-එස්.එස්.සී-මේරියන්ස් පෙරමුණ ගනිති

Sep 21, 2020 4:21:46 AM - srilankacricket.lk

23 න් පහළ තරගාවලිය

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන වයස අවුරුදු 23 න් පහළ අන්තර් සමාජ ප්‍රධානතම ක්‍රිකට් තරගාවලියේ තෙවැනි සති අන්තය අවසන් වන විට යුද හමුදාව, හලාවත මේරියන්ස්, කෝල්ට්ස් සහ එස්. එස්. සී. අදාළ කාණ්ඩවල පෙරමුණ ගෙන සිටියහ.

පැවැති තරග වලදී යුද හමුදාව, කෝල්ට්ස් සහ එස්. එස්. සී. කණ්ඩායම් මුහුණ දුන් තරග 3 න් 3 ම ජය ගනිමින් එහි ප්‍රමුඛත්වය ලබා ගනිද්දී හලාවත මේරියන්ස් පිල ක්‍රීඩා කරන ලද තරග 3 න් 2 ක් ජය ලබා බී කාණ්ඩයේ පෙරමුණට පැමිණ සිටියි.

මේ දින වල පවතින වර්ෂාව හේතුවෙන් තරග කිහිපයක්ම නොවිසඳුණු තරග ලෙසින් නිමාවට පත් වුණු අතර එහි වැඩිම බලපෑම පානදුර ක්‍රීඩා සමාජයට අත් විඳීමට සිදුව තිබේ. පානදුර ක්‍රීඩා සමාජය ක්‍රීඩා කරන ලද තරග 3 න් 2 ක්ම වර්ෂාව හේතුවෙන් ප්‍රතිඵල රහිත වී තිබෙන තරග වන අතර මීගමුව සහ රාගම එක් තරග බැගින් අතහැර දැමීමට සිදුව ඇති අනෙක් කණ්ඩායම් යුගල වේ.

The post යුද හමුදව-කෝල්ට්ස්-එස්.එස්.සී-මේරියන්ස් පෙරමුණ ගනිති appeared first on Sri Lanka Cricket.