නිරෝධායන ක්‍රියාවලියේ දී ජනතාවට සහන සැලසීමට ඔක්තෝබර් මාසයට පමණක් රු. බි. 7.3කට අධික මුදලක් වෙන් ...

- itnnews.lk

කොවිඩ් 19 වෛරසයේ ව්‍යාප්ත වීම මැඩලීම සඳහා සිදුකෙරෙන නිරෝධායන ක්‍රියාවලිය තුළ ජනතාවට සහන ලබාදීමට රජය විසින් රුපියල් බිලියන 7.3 කට අධික (මිලියන 7355.53) අරමුදල් ලබා දී ඇත.

දිවුලපිටිය ප්‍රදේශයෙන් කොවිඩ් – 19 වෛරසය නැවත වාර්තා වීමෙන් පසු මේ දක්වා කාලය තුළදී උක්ත කටයුතු වෙනුවෙන් මෙම අරමුදල් ප්‍රමාණය වෙන් කර තිබේ.

එමෙන්ම, දිසාපතිවරුන් ඇතුළු අදාළ පාර්ශවයන්ගේ ඉල්ලීම මත තවදුරටත් මේ අයුරින් අවශ්‍ය වන අරමුදල් වෙන් කිරීමට බලාපොරොත්තු වන බව ද මහා භාණ්ඩාගාරය පවසයි.

ස්වකීය නිවෙස්වල නිරෝධායනයට යොමු කර ඇති පවුල් සඳහා සහන මල්ලක් ලබාදීම සහ නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක කර ඇති ප්‍රදේශවල අඩු ආදායම්ලාභී පවුල්වලට රු.5000 ක සහන දීමනාවක් ලබාදීම යන සහන කටයුතු සඳහා මෙසේ අරමුදල් වෙන් කර ඇත.

රු.5000 සහන දීමනාව ලබාදීමේ දී ගම්පහ දිස්ත්‍රික්කය සඳහා රුපියල් මිලියන 2,721.27 ක්ද, කොළඹ දිස්ත්‍රික්කය සඳහා රුපියල් මිලියන 2,333.60 ක්ද, කළුතර දිස්ත්‍රික්කය සඳහා රුපියල් මිලියන 1,310 ක්ද ලබා දී තිබේ. ඊට අමතරව කුරුණෑගල දිස්ත්‍රික්කයේ සහන ලැබිය යුතු පවුල් වෙනුවෙන් මෙම දීමනාව ලබාදීමට ලබා දුන් මුදල රුපියල් මිලියන 469.57 ක් හා මඩකලපුව දිස්ත්‍රික්කය වෙනුවෙන් ලබා දුන් මුදල රුපියල් මිලියන 128.39 ක්ද වේ.

ඒ අනුව, නිරෝධායන ඇඳිරි නීතිය නිසා ජීවනෝපාය අහිමි වූ සහන ලැබිය යුතු පවුල් සඳහා රු.5000 දීමනාව ලබාදීමට මෙම කාල සීමාව තුළ රජයෙන් ලබා දුන් මුදල රුපියල් බිලියන 6.9 කි. (මිලියන 6,962.83) නිවෙස් වල නිරෝධායනට යොමු කළ පවුල්වලට වියළි ආහාර මල්ලක් ලබාදීමේ වැඩපිළිවෙලේදී කොළඹ දිස්ත්‍රික්කය සඳහා පමණක් රුපියල් මිලියන 75 ක් ලබා දී තිබේ. ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්ක සඳහා එක් දිස්ත්‍රික්කයකට රුපියල් මිලියන 40 බැගින් ලබා දී ඇත. කුරුණෑගල දිස්ත්‍රික්කය වෙනුවෙන් මෙම වියදම රුපියල් මිලියන 24.61 කි. ගාල්ල දිස්ත්‍රික්කය වෙනුවෙන් රුපියල් මිලියන 17.86 ක් ලබා දී තිබේ. එමෙන්ම මඩකලපුව දිස්ත්‍රික්කය වෙනුවෙන් රුපියල් මිලියන 15.92 ක් හා නුවරඑළිය දිස්ත්‍රික්කය වෙනුවෙන් රුපියල් මිලියන 15.60 ක් යනාදී වශයෙන් දිස්ත්‍රික්ක 20 ක ස්වකීය නිවෙස්හි නිරෝධායනය වන පවුල් සඳහා වියළි ආහාර සහන මල්ල ලබා දීමට රජය අරමුදල් ලබා දී ඇත. මේ සඳහා ලබා දී ඇති මුළු මුදල රුපියල් මිලියන 336.54 කි.

එමෙන්ම, දිස්ත්‍රික්ක 11 ක නිරෝධායන කටයුතු ක්‍රියාත්මක කිරීමට රජය රුපියල් මිලියන 56.16 ක් ලබා දී තිබේ.

The post නිරෝධායන ක්‍රියාවලියේ දී ජනතාවට සහන සැලසීමට ඔක්තෝබර් මාසයට පමණක් රු. බි. 7.3කට අධික මුදලක් වෙන් කරයි appeared first on ITN News.

You may also like

- onlanka.com

Sri Lankan President Ranil Wickramasinghe and President of the Islamic Republic of Iran, Dr. Ebrahim Raisi inaugurated the Uma Oya Multipurpose Development Project (UOMDP) on Wednesday (April 24).The post Uma Oya Development Project inaugurated appeared first on ONLANKA - Sri Lanka Latest Breaking News and Top Stories.

- onlanka.com

President of Iran, Dr. Ebrahim Raisi, arrived in Sri Lanka on Wednesday morning (April 24) for a one-day visit.The post Iranian President Dr. Ebrahim Raisi arrives in Sri Lanka appeared first on ONLANKA - Sri Lanka Latest Breaking News and Top Stories.

- adaderana.lk

Actress Damitha Abeyratne and her husband were granted bail on the orders of the Colombo Fort Magistrate s Court on Wednesday (24).

- adaderana.lk

President Ranil Wickramasinghe and President of the Islamic Republic of Iran, Dr. Ebrahim Raisi inaugurated the Uma Oya Multipurpose Development Project (UOMDP) on Wednesday (24).

- adaderana.lk

Argentina has asked Interpol to arrest Iran s interior minister over the 1994 bombing of a Jewish community center in Buenos Aires that killed 85 people, the foreign ministry said Tuesday.

- adaderana.lk

The Colombo District Court has delivered a permanent injunction preventing former President Maithripala Sirisena from functioning as the chairman of Sri Lanka Freedom Party (SLFP).

Resources for Sri Lankan Charities:View All

How important are accountability and transparency for a charity to receive international donations
How important are accountability and transparency for a charity to receive international donations

Sri Lankan Events:View All

Sep 02 - 03 2023 12:00 am - 1:00 am Sri Lankan Events - Canada
Sep 09 2023 7:00 pm Sri Lankan Events - Australia
Sep 16 2023 6:00 pm - 11:30 pm Sri Lankan Events - USA
Oct 14 2023 8:00 am Sri Lankan Events - UK

Entertainment:View All

Technology:View All

Local News

Local News

Sri Lanka News

@2023 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc