ඇමති මහින්දානන්ද සහ රාජ්‍ය ඇමති ශෂීන්ද්‍ර ආර්ථික මධ්‍යස්ථානවල නිරීක්ෂණ චාරිකාවක
බස්නාහිර පළාතට නිරෝධායන ඇදිරි නීතිය පැනවීමත් සමඟ වසා දමා තිබූ විශේෂ ආර්ථික මධ්‍යස්ථාන සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුව යළි විවෘත කරන බව අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසනවා. අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා හා රාජ්‍ය අමාත්‍ය ශෂින්ද්‍ර රාජපක්ෂ යන මහත්වරුන් නාරාහේන්පිට විශේෂ ආර්ථික මධ්‍යස්ථානයේ නිරීක්ෂණ චාරිකාවට එක් වෙමින් මේ බව කියා සිටියා. අද සිට මෙම ආර්ථික මධ්‍යස්ථානයේ තොග වෙළදාම පමණක් සිදු කෙරෙනවා.
මේ අතර කොව්ඩ් ආසාදිතයින් කිහිප දෙනෙකු හදුනාගත් මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයද ලබන සඳුදා විවෘත කිරීමට සූදානම් බව අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කළා. අමාත්‍යවරයා මෙන්ම රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා ද එම කටයුතු සොයා බැලීමට මීගොඩ ආර්ථික මධ්‍යස්ථානය අද නිරීක්ෂණය කළා.
The post ඇමති මහින්දානන්ද සහ රාජ්‍ය ඇමති ශෂීන්ද්‍ර ආර්ථික මධ්‍යස්ථානවල නිරීක්ෂණ චාරිකාවක appeared first on ITN News.