නීති විරෝධිව එංගලන්තයෙන් ගෙන්වා තිබූ අපද්‍රව්‍ය බහාලුම් 242 න් 82 ක් පිටත් කර යවයි
නීති විරෝධි ලෙස එංගලන්තයෙන් ගෙන්වා තිබූ අපද්‍රව්‍ය බහාලුම් 242 න් තවත් බහාලුම් 82 ක් අද දින යළි පිටත් කර යැවූ බව රේගු මාධ්‍ය ප්‍රකාශක අතිරේක රේගු අධ්යක්ෂ ජනරාල් සුනිල් ජයරත්න මහතා පවසනවා. කොළඹ වරායෙන් පිටත් වූ නෞකා තුනකින් යළි එංගලන්තය බලා එම අපද්‍රව්‍ය පිටත් කර හැරි බවයි ඒ මහතා පවසන්නේ.
රේගු පරීක්ෂණයකින් සහ අභියාචනාධිකරණයේ නියෝගයකට අනුවයි මෙම අපද්‍රව්‍ය යළි පිටත් කර යැවීමට තීරණය කෙරුණේ. කොළඹ වරායේ ගුදමක බහාලුම් 112 ක තිබූ අපද්‍රව්‍යවලින් බහාලුම් විස්සක් පසුගිය තිස් වෙනිදා එංගලන්තයට ප්‍රති නැව්ගත කර තිබුණා. තවත් බහාලුම් 130 ක් කටුනායක නිදහස් වෙළද කලාපය තුළ පිහිටි කර්මාන්තශාලාවක ගබඩා කර තිබෙනවා. අපද්‍රව්‍ය ප්‍රතිනැව්ගත කිරීම සිදු කෙරුණේ රේගු අධ්යක්ෂ ජනරාල් විශ්‍රාමික මේජර් ජනරාල් ජී. වී. රවිප්‍රිය මහතාගේ අධීක්ෂණයට යටතේයි.
The post නීති විරෝධිව එංගලන්තයෙන් ගෙන්වා තිබූ අපද්‍රව්‍ය බහාලුම් 242 න් 82 ක් පිටත් කර යවයි appeared first on ITN News.