How can Sri Lankan charities find international donors and partners?

ශ්‍රී ලංකාව කොරෝනා අවධානමේ තුන්වන මට්ටමට එද්දී ජීවිත රැකගන්න අලුතෙන්ම උපදෙස් මාලාවක්

- itnnews.lk

අවදානම් මට්ටම මත පදනම්ව පොදු ක්‍රියාකාරකම්වල නිරත විය යුතු ආකාරය පිළිබද නව උපදෙස් මාලාවක් සෞඛ්‍ය අමාත්‍යාංශය අද නිකුත් කළා.

ශ්‍රී ලංකාව මේ වන විට අවදානම් මට්ටමේ 3 වන අදියරේ පසුවනවා. එම උපදෙස් මාලාවට අනුව එක් නිවසකින් අත්‍යවශ්‍ය සේවා සදහා පිටව යාමට හැක්කේ දෙදෙනෙකුට පමණයි. පොදු ප්‍රවාහනයේදී බස් රථයේ හෝ දුම්රියේ ආසන ධාරිතාවෙන් සියයට 75 ක් දක්වා මගීන් රැගෙන යා හැකියි. පෞද්ගලික කුළී රථ සේවාවලදී මෝටර් රථ හා ත්‍රිරෝද රථ සදහා උපරිම මගීන් සංඛ්‍යාව දෙදෙනෙකුට සීමාකර තිබෙනවා.

වෙනත් වාහනවල ආසන ධාරිතාවෙන් සියයට 50 ක් සීමාකර මගීන් රැගෙන යා හැකියි. විදුලිය,  ජලය,  විදුලි සංදේශ,  ඉන්ධන පිරවුම්හල්,  එල්පී ගෑස්,  මෝටර් ගරාජ්,  ටයර් සේවා හා තැපැල් කුරියර් සේවා සදහා අවම කාර්ය මණ්ඩලයක් සමග සේවා සැපයිය යුතුයි. රජයේ කාර්යාලවල ද අවම කාර්ය මණ්ඩලයක් යොදා ගනිමින් කටයුතු පවත්වාගෙන යාම සිදුකළ යුතු වනවා. පෞද්ගලික අංශයේ කාර්යාලවල අවම කාර්ය මණ්ඩලයක් සමගින් ක්‍රියාත්මක විය යුතු අතර සෑම විටම නිවසේ සිට වැඩ කිරීමට සේවකයන් දිරිමත් කළ යුතුයි. සුපිරි වෙළෙදසල් හා සාප්පු සංකීර්ණ තුළ පුද්ගලයන් දෙදෙනෙකු අතර පරතරය මීටර 1යි දශම 5 ක් ලෙස පවත්වාගෙන යාම අවශ්‍ය වනවා. ඉඩ ප්‍රමාණයෙන් සියයට 50 ක ප්‍රමාණයකට පමණක් ගනුදෙනුකරුවන් ඇතුළත් කරගත යුතු වන අතර වෙළෙදසලට ඇතුළත් කරගත හැකි පුද්ගලයන් සංඛ්‍යාව පිටතින් ප්‍රදර්ශනය කළ යුතුයි.

මූල්‍ය ආයතන,  මූල්‍ය සමාගම්,  උකස් මධ්‍යස්ථාන,  ගනුදෙනුකරුවන් සදහා ලබා දිය හැකි ඉඩ ප්‍රමාණයෙන් සියයට 50 ක් පිරෙන ආකාරයට පවත්වාගෙන යා යුතුයි. රෙදිපිළි වෙළෙදසල් හා සිල්ලර බඩු වෙළෙදසල්වල සියයට 50 ක ඉඩක් සපිරෙන පරිදි ගනුදෙනුකරුවන් ඇතුළත් කරගත යුතු අතර සෞඛ්‍ය අංශ ලබා දී ඇති උපදෙස් අනුව කටයුතු කළ යුතුයි. රෙදිපිළි වෙළෙදසල් තුළ පුද්ගලයන් දෙදෙනෙකු අතර පරතරය ද මීටර 1 යි දශම 5 ක් ලෙස පවත්වාගෙන යා යුතු වනවා.

අධිකරණ තුළ ලබා දිය හැකි ඉඩ ප්‍රමාණයෙන් සියයට 50 ක් සපිරෙන පරිදි ජනතාව ඇතුල් කරගත යුතුයි. රජයේ රෝහල්,  පෞද්ගලික රෝහල්,  ඔසුසල්,  රසායනාගාර ආදිය ලබා දී ඇති උපදෙස්වලට අනුව අවම සේවක සංඛ්‍යාවක් යොදා ගනිමින් ක්‍රියාත්මක විය යුතුයි. කෝවිඩ් ආසාදනය හා සම්බන්ධ නොවන අවමංගල්‍ය උත්සව සදහා සහභාගි විය හැකි උපරිම පුද්ගලයන්ගේ සංඛ්‍යාව 25 ක්. පන්සල්,  පල්ලි,  කෝවිල් වැනි පූජණීය ස්ථානවල ජනතාව එක්රැස්වන ක්‍රියාකාරකම් හෝ රැස්වීම් තහනම් වන අතර ඕනෑම අවස්ථාවක එවැනි ස්ථානයක සිටිය හැකි උපරිම පුද්ගල සංඛ්‍යාව 25 කට සීමා කළ යුතු වනවා.

හෝටල් හා විවේකාගාර ධාරිතාවෙන් උපරිමය සියයට 50 ක් වන සේ පවත්වාගෙන යා යුතුයි. බන්ධනාගාර සදහා අමුත්තන්ට පැමිණීමට අවසර නොලැබෙන බවයි සෞඛ්‍ය අංශ පවසන්නේ. දිවා සුරැකුම් මධ්‍යස්ථාන හා පෙර පාසල් ධාරිතාවෙන් සියයට 50 ක් වන පරිදි පවත්වාගෙන යා හැකියි.

පාසල්,  විශ්වවිද්‍යාල ඇතුලු උසස් අධ්‍යාපන ආයතන,  උපකාරක පංති වසා තැබෙනු ඇති. ගෘහස්ථ උත්සව,  එළිමහන් උත්සව හා මහජන රැස්වීම් පැවැත්වීමට අවසර නොලැබේ. පිහිනුම් තටාක,  සැණකෙළි,  සංගීත සංදර්ශන,  වෙරළ සාද,  ළමා උද්‍යාන,  සත්වෝද්‍යාන,  සිනමා ශාලා වසා තැබෙනවා. කැසිනෝ,  රාත්‍රී සමාජ ශාලා,  ස්පා නවාතැන් සපයන ස්ථාන ද වසා තැබෙනු ඇති.

සෙසු ආයතන හා සේවා ද සෞඛ්‍ය අමාත්‍යාංශය ලබා දී ඇති උපදෙස් හා මාර්ගෝපදේශ අනුව ක්‍රියාත්මක වීම අත්‍යවශ්‍ය බව එම අමාත්‍යාංශය අවධාරණය කරනවා.

 

The post ශ්‍රී ලංකාව කොරෝනා අවධානමේ තුන්වන මට්ටමට එද්දී ජීවිත රැකගන්න අලුතෙන්ම උපදෙස් මාලාවක් appeared first on ITN News.

You may also like

- colombogazette.com

The Colombo District Court issued an injunction order against the appointment of Minister Wijeyadasa Rajapakshe as the Acting Chairman of the Sri Lanka Freedom Party (SLFP). A court order was also issued preventing former President Maithripala Sirisena from functioning as the Chairman of the SLFP until the ongoing case concludes. The court also issued an […]

- adaderana.lk

The United Nations called Tuesday for Âa clear, transparent and credible investigation of mass graves uncovered at two major hospitals in war-torn Gaza that were raided by Israeli troops.

- adaderana.lk

Iran and Sri Lanka on Wednesday (24) signed five Memorandums of Understanding (MoUs), aimed at bolstering bilateral relations between the two countries.

- adaderana.lk

Heavy traffic is reported in parts of Colombo as multiple roads remain closed due to the arrival of Iranian President Dr. Ebrahim Raisi.

- island.lk

A dramatic orange haze has descended over Athens as clouds of dust have blown in from the Sahara desert. It is one of the worst such episodes to hit Greece since 2018, according to officials. Greece had already been struck by similar clouds in late March and early April, which also covered areas of Switzerland […]

- colombogazette.com

Iranian President Dr. Ebrahim Raisi and his delegation arrived in Sri Lanka, Wednesday, and were welcomed at the Mattala Airport by Prime Minister Dinesh Gunawardane.

Resources for Sri Lankan Charities:View All

How important are accountability and transparency for a charity to receive international donations
How important are accountability and transparency for a charity to receive international donations

Sri Lankan Events:View All

Sep 02 - 03 2023 12:00 am - 1:00 am Sri Lankan Events - Canada
Sep 09 2023 7:00 pm Sri Lankan Events - Australia
Sep 16 2023 6:00 pm - 11:30 pm Sri Lankan Events - USA
Oct 14 2023 8:00 am Sri Lankan Events - UK

Entertainment:View All

Technology:View All

Local News

Local News

Sri Lanka News

@2023 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc