ජනපති බයිඩ්න්ට ශ්‍රී ලංකා ජනපතිගෙන් හා අගමැතිගෙන් සුබපැතුම්
ජනාධිපති ජෝ බයිඩ්න්ට ලොව පුරා රාජ්‍ය නායකයින් සුබ පැතුම් එක්කර ඇති බවයි විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ. ද්විපාර්ශ්වික සබදතා ශක්තිමත් කර ගනිමින් කටයුතු කිරිමට බලාපොරොත්තුවන බව ජෝ බයිඩ්න්ගේ හා කමලා හැරිස්ගේ ජයග්‍රහණයට සුබ පැතුම් එක් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා සදහන් කරනවා.
ද්විපාර්ශ්වික සබදතාවලට වසර 72 ක් සපිරෙන මේ මොහොතේ එම සබදතා තවදුරටත් ශක්තිමත් කර ගනිමින් කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා ද සුබ පැතුම් පණිවුඩයක් එක් කරමින් පවසන්නේ. ඇමෙරිකාවේ 46 වන ජනාධිපති ධුරයට සදහා තේරී පත්වූ ජෝ බයිඩ්න්ගේ ඓතිහාසික ජයග්‍රහණය සදහා විපක්‍ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ද ට්විටර් පණිවුයක් නිකුත් කරමින් සුබ පැතුම් එක්කර තිබෙනවා. පසුගිය අගහරුවාදා දින පැවති ඇමෙරිකා ජනාධිපතිවරණයේ සම්පූර්ණ ප්‍රතිඵල මේ වනතෙක් නිකුත්කර නොමැති අතර තවත් ප්‍රාන්ත හතරක නිල ඡන්ද ප්‍රතිඵල නිකුත් කිරීමට නියමිතයි.
The post ජනපති බයිඩ්න්ට ශ්‍රී ලංකා ජනපතිගෙන් හා අගමැතිගෙන් සුබපැතුම් appeared first on ITN News.