සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් බස්රථ සහ කාර්යාල දුම්රිය ධාවනය ඇරඹෙයි
සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් බස්රථ සහ කාර්යාල දුම්රිය ධාවනය අද සිට යළි ආරම්භ කර තිබෙනවා.
කෙටි ගමන් සේවා මෙන්ම දුර ගමන් සේවා ද සියල්ල අද සිට ක්‍රියාත්මක බව ලංකා ගමනාගමන මණ්ඩලය පවසනවා. හුදකලා කර ඇති ප්‍රදේශවලින් බස් සේවා ආරම්භ කිරීම හෝ බස්රථ නතර කිරීම සම්පූර්ණයෙන් තහනම් බවයි පොලිසිය නිවේදනය කළේ. එම නීතිවලට අනුගතව බස්රථ සේවා ක්‍රියාත්මක කෙරෙන අතර අද සිට සිය සේවාද ආරම්භ කරන බව පෞද්ගලික බස් සංගම් ප්‍රකාශ කළා.
මේ අතර දුම්රිය ධාවනය ද අද සිට ක්‍රියාත්මක වන අතර හුදකලා කර ඇති ප්‍රදේශවල දුම්රිය ස්ථානවල දුම්රිය නතර කීරිමක් සිදුවන්නේ නැහැ. දෙමටගොඩ, කැලණිය , වන වාසල , එඩේරමුල්ල , පේරලන්ද, ජාඇල , තුඩැල්ල , කඩහපොල , බේස් ලයින් , කොටාරෝඩ්, කුරුණෑගල , මුත්තෙට්ටුගල , හොරපේ ,රාගම , වල්පොල , බටුවත්ත , කුරන , මීගමුව සහ කට්ටුව දුම්රිය ස්ථානවල දුම්රිය නතර නොකරන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කළේ. පසුගිය ඔක්තෝම්බර් මාසයට අදාළ ප්‍රවේශපත්‍ර භාවිත කරමින් මෙම සතිය තුළ ගමනාගමන මණ්ඩලයේ බස්රථ සහ දුම්රියේ ගමන් කිරීමට ද අවසර ලබාදී තිබෙනවා.
The post සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් බස්රථ සහ කාර්යාල දුම්රිය ධාවනය ඇරඹෙයි appeared first on ITN News.