දිල්ලි අගනුවර තෙවන වටයේ කොරෝනා ව්‍යාප්තියකට මුහුණ දෙයි
ඉන්දියාවේ දිල්ලි අගනුවර තෙවන වටයේ කොරෝනා වයිරස ව්‍යාප්තියකට මුහුණ දී සිටින බව සෞඛ්‍ය අංශ සදහන් කරනවා.
ඊයේ දිනයට දිල්ලි නගරයෙන් හමුවූ ආසාදිතයින් සංඛ්‍යාව 7000 ඉක්මවා ඇති අතර එක් දිනක් තුළ දිල්ලි නගරයෙන් වාර්තා වූ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව ද මෙය වනවා. මේ වන විට දිල්ලි නගරයෙන් පමණක් වාර්තා වී ඇති අසාදිතයින් සංඛ්‍යාව හාරලක්ෂ තිස් දහස ඉක්මවා ඇති බවයි සෞඛ්‍ය අංශ සදහන් කරන්නේ. මේ වන තෙක් එම නගරයේ සිදුව ඇති කොරෝනා මරණ සංඛ්‍යාව 6912ක්. ගතවූ පැය 24ට සමස්ථ ඉන්දියාවෙන් ආසාදිතයින් හතලිස් හයදහස් හයසිය හැට එකක් හමුවී ඇති අතර ඒ සමගම එරට මුලු ආසාදිතයින් සංඛ්‍යාව අසූපන්ලක්ෂ පනස් දහස ඉක්මවා ගියා. කොරෝනා වයිරසය හේතුවෙන් ඉන්දියාවේ ජීවිත අහිමිවූ සංඛ්‍යාව එක්ලක්ෂ විසිහයදහස් හයසිය පනස් තුනක් බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කරන්නේ.
The post දිල්ලි අගනුවර තෙවන වටයේ කොරෝනා ව්‍යාප්තියකට මුහුණ දෙයි appeared first on ITN News.