වව්නියාව, මන්නාරම සහ මුලතිව් සංවර්ධන කමිටු රැස්වෙයි
වව්නියාව, මන්නාරම සහ මුලතිව් දිස්ත්‍රික්කවල යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සදහා වන සංවර්ධන කමිටු රැස්වීම වව්නියාවේදී පැවැත්වුණා. ඒ අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්.
සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව ග්‍රාමීය ආර්ථිකය නගා සිටුවීමේ ජාතික වැඩසටහන ක්‍රියාත්මකයි. ඒ යටතේ වන සාමාජීය යටිතල පහසුකම් සංවර්ධන කමිටුව වව්නියාව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවැත්වුණා. අධ්‍යාපන, සෞඛ්‍ය, තරුණ කටයුතු, ක්‍රීඩා යන අමාත්‍යාංශවලත් විදේශ රැකියා ප්‍රවර්ධන අලෙවි සංවර්ධන සහ පාරිභෝගික ආරක්ෂණ ජාතික උරුම, ප්‍රසංග කලා හා ග්‍රාමීය කලා ශිල්ප ප්‍රවර්ධනය ඇතුළු ක්ෂේත්‍ර රැසක් සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කෙරුණා. නව නිපැයුම් මෙන්ම ඉදිරි සැලසුම් සම්බන්ධයෙන් ද මෙහිදී විශේෂ අවධානය යොමු කෙරුණා. රාජ්‍ය ආයතනවල පවතින ගැටලු සහ ඊට ලබා දිය යුතු විසදුම් පිළිබදව ද සාකච්ඡා කර තිබෙනවා. පියංකර ජයරත්න, ලසන්ත අලගියවන්න, සිසිර ජයකොඩි, පියල් නිශාන්ත යන රාජ්‍ය අමාත්‍යවරුන් සහ උතුරු පළාත් ආණ්ඩුකාර පී එස් එම් චාල්ස් මහත්මිය ඇතුළු පිරිසක් මෙම සාකච්ඡාවට එක්ව සිටියා.
The post වව්නියාව, මන්නාරම සහ මුලතිව් සංවර්ධන කමිටු රැස්වෙයි appeared first on ITN News.