LPL විස්තර විචාරයට නම් දැරූ විචාරකයෝ එති
නොවැම්බර් මස 26 වැනිදා සිට හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය ලොව පුරා සජීවීව විකාශනය කිරීමේදී ඒ සඳහා ජාත්‍යන්තරයේ කීර්තිමත් නාමයක් දිනාගත් විස්තර විචාරකයින්ගෙන් සමන්විත මණ්ඩලයකගේ සේවය ලබා ගැනීමට තරගාවලිය සංවිධානය කරනු ලබන ශ්‍රී ලංකා ක්‍රිකට් සහ අයි.පී.ජී. ආයතන පියවර ගෙන තිබේ.
සාමාජිකයින් 06 දෙනෙකුගෙන් සමන්විත මෙම විස්තර විචාරක කමිටුවට ලොව ජනප්‍රියතම ක්‍රිකට් විස්තර විචාරකයකු වන ඔස්ට්‍රේලියානු ජාතික මයික් හෙයිස්මන් මහතා ඇතුළු ජාත්‍යන්තරයේ නම ගිය ශ්‍රී ලාංකික විස්තර විචාරකයින් දෙපළක් වන රොෂාන් අබේසිංහ සහ රසල් ආනල්ඩ් යන මහත්වරුද ඇතුළත් වෙති.
ඔවුන්ට අමතරව පාකිස්තානයෙන් හිටපු නායකයකු වූ ආරම්භක පිතිකරු අමීර් සොහෙයිල්, දකුණු අප්‍රිකානු සහ බටහිර ඉන්දීය කොදෙව් දේශයේ හිටපු ප්‍රවේගකාරී පිතිකරුවන් දෙපළක් වන හර්ෂල් ගිබ්ස් සහ ඩැරන් ගංගා ද LPL තරගාවලි විස්තර විචාරක කමිටුවට ඇතුළත්ව සිටිති.
The post LPL විස්තර විචාරයට නම් දැරූ විචාරකයෝ එති appeared first on Sri Lanka Cricket.