මෙරට සෞඛ්‍ය සේවයට කොවිඩ් මර්දනය කළ හැකියි – අවශ්‍ය වන්නේ ජනතා සහාය
මෙරට සෞඛ්‍ය සේවයට ඉතා පහසුවෙන් කොවිඩ් මර්දනය කළ හැකි බවත් අවශ්‍ය වන්නේ ජනතා සහාය බවත් ජනාධිපති ගෝඨාභ්‍ය රාජපක්ෂ මැතිතුමා පවසනවා. ජනතාව දැනුවත් කිරීම මාධ්‍යයේ වගකීම සහ යුතුකම බවයි ජනාධිපතිතුමා පෙන්වා දෙන්නේ.
දෛනිකව රැස්වන කොවිඩ් මර්දන කාර්යසාධක බලකාය අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී රැස් වූ අවස්ථාවේ ජනාධිපතිතුමා මේ බව ප්‍රකාශ කළා. සෞඛ්‍ය ගැටලුවක් වන කොවිඩ් වසංගතයෙන් ජනතාව රැක ගැනීම සෞඛ්‍ය සේවාව සතු වගකීමක් බවයි ජනාධිපතිතුමා පෙන්වා දුන්නේ. ලොව ඉහළ දැනුමකින් සමන්විත මෙරට වෛද්‍යවරුන්ට සහ සෞඛ්‍ය ක්ෂේත්‍රයට එය කළ හැකි බවට තමා දැඩි ලෙස විශ්වාස කරන බවයි ජනාධිපතිතුමා අවධාරණය කළේ.
The post මෙරට සෞඛ්‍ය සේවයට කොවිඩ් මර්දනය කළ හැකියි – අවශ්‍ය වන්නේ ජනතා සහාය appeared first on ITN News.