සෞඛ්‍ය නිර්දේශ ලැබෙන තුරු මැනිං වෙළෙඳපොළ යළි විවෘත නොකිරීමට තීරණය කරයි
සෞඛ්‍ය නිර්දේශ ලැබෙන තුරු පිටකොටුව මැනිං වෙළෙඳපොළ යළි විවෘත නොකිරීමට තීරණය කොට තිබෙනවා.
මේ අතර එළවළු තොග රැගෙන අද උදෑසන එම ස්ථානයට පැමිණි වෙළෙදුන් අපහසුතාවට පත් වීමත් සමඟ එම ස්ථානයේ ඇති වූයේ උණුසුම්කාරී තත්ත්වයක්.
මැනිං වෙළෙඳපොළ ආශ්‍රිතව කොරෝනා ආසාදිතයින් කිහිප දෙනෙකු වාර්තා වීමත් සමඟ පසුගිය දින කිහිපය තාවකාලිකව වෙළෙඳපොළ වසා තැබීමට පියවර ගැනුණා.දුර පළාත්වලින් ගෙන එන එළවළු තොග ජංගම රථ යොදා ගනිමින් බෙදා හැරීමටයි මැනිං වෙළෙඳපොළ පොදු සේවක සංගමය පියවර ගත්තේ. කෙසේ වෙතත් බස්නාහිර පළාතට පනවා තිබූ නිරෝධායන ඇඳිරිනීතිය ඉවත් කිරීමත් සමඟ මැනිං වෙළෙඳපොළද විවෘත කිරීමට බලාපොරොත්තු වන බවටයි දැනුම් දීතිබුණේ. ඒ අනුවයි වෙළදුන් එළවළු තොග රැගෙන අද උදෑසන මැනිං වෙළෙඳපොළ වෙත පැමිණ සිටියේ.
ඇතැම් වෙළදුන් එළවළු තොග යළි රැගෙන යාමට කටයුතු කළා. එහෙත් වෙළෙදුන් කිහිප දෙනෙකු මාර්ගය දෙපස එළවළු අලෙවි කරන ආකාරය ද දැක ගත හැකි වුණා. මෙම තත්ත්වය හමුවේ තමන් දැඩි පීඩාවට පත් වූ බවයි වෙළෙදුන් ප්‍රකාශ කළේ.කෙසේ වුවද වෙළෙඳ මහතුන් සමඟ මේ සම්බන්ධනේ සාකච්ඡා කර විසදුම් ලබාදීමට පියවර ගැනෙනවා.
The post සෞඛ්‍ය නිර්දේශ ලැබෙන තුරු මැනිං වෙළෙඳපොළ යළි විවෘත නොකිරීමට තීරණය කරයි appeared first on ITN News.