2020 විසර්ජන කෙටුම්පත ඉදිරිපත් කරන ලබන 12 වනදා පාර්ලිමේන්තුව පැය 10ක් විවෘතයි
2020 විසර්ජන කෙටුම්පත ඉදිරිපත් කරන ලබන 12 වනදා පැය 10ක කාලයක් සඳහා පාර්ලිමේන්තු රැස්වීම පැවැත්වීම සඳහා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අද තීරණය කළා. මේ අතර ලබන වසර සඳහා වන අය වැය ලේඛණය ලබන 17 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.
ලබන නොවැම්බර් 12 වනදා පෙරවරු 10.00 සිට පස්වරු 05.00 දක්වා විසර්ජන කෙටුම්පත දෙවන වර සහ තුන්වන වර කියවීම සිදු කිරීමට නියමිතයි. අනතුරුව පස්වරු 05.00 සිට රාත්‍රී 08.00 දක්වා විපක්ෂය ගෙන එනු ලබන යෝජනාව සභාව කල් තැබීමේ යෝජනාවක් ලෙස විවාදයට ගනු ඇති. එදින පෙරවරුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වාචික ප්‍රශ්න විමසීමේ අවස්ථාව නොපැවැත්වෙන අතර දිවා ආහාරය සඳහා සභාව කල්තැබීමක්ද සිදු නොවනු ඇති.
මේ අතර 2021 වර්ෂය සදහා අයවැය ලේඛණය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම මුදල් අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ලබන 17 වනදා සිදු කරනු ලබනවා.කොවිඩ් 19 අර්බුදය හේතුවෙන් අය වැය දෙවනවර කියවීම සහ කාරක සභා අවස්ථාව දින 11 කට සීමා කළ යුතු බවට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී යෝජනා වී තිබෙනවා. එහෙත් ඒ සදහා සම්පූර්ණ දින ගණන ලබාදිය යුතු බවටයි විපක්ෂය ප්‍රකාශ කර තිබෙන්නේ. ඒ අනුව ඒ සම්බන්ධයෙන් වන අවසන් තීරණය යළි පැවැත්වෙන පාර්ලිමේන්තු කාරකසභා රැස්වීමේදී ගැනීමට එකඟත්වය පළ කෙරුණා.
The post 2020 විසර්ජන කෙටුම්පත ඉදිරිපත් කරන ලබන 12 වනදා පාර්ලිමේන්තුව පැය 10ක් විවෘතයි appeared first on ITN News.