ට්‍රම්ප්ගේ බිරිඳ දික් කසාදය සැලසුම් කරයි
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට තම පරාජය පිලිගන්නා ලෙස බල කරන කණ්ඩායමට ඔහුගේ බිරිද මෙලානියා ට්‍රම්ප් ද එක් වී ඇති බව CNN පුවත් සේවය සදහන් කරනවා. ඇය මැතිවරණය පිලිබද ප්‍රසිද්ධියේ කිසිම අදහස් පල නොකළද මැතිවරණ ප්‍රතිඵල පිලිගන්නා ලෙස තම සැමියාට බල කර ඇති බවයි එම පුවත් සේවය තවදුරටත් සදහන් කරන්නේ. එමෙන්ම ඇය ජනාධිපති ට්‍රම්ප්ගෙන් දික්කසාද වීම සදහා සූදානම් වන බව ද ඇමෙරිකා මාධ්‍ය සදහන් කරනවා. 2016 වසරේ ට්‍රම්ප් ජනාධිපති ධුරය සදහා තේරී පත් වූ අවස්ථාවේදී ද ඇය සදහන් කර ඇත්තේ ඔහු මැතිවරණය ජයගනු ඇති බවට තමා කිසි විටක අපේක්ෂා නොකළ බවයි. ජනාධිපති ධුරයේ රැදී සිටින විටදී ඔහුගෙන් වෙන්වීම ට්‍රම්ප්ගේ ප්‍රතිරූපයට හානිකර බැවින් එය සිදු නොකළ අතර මේ මොහොතේ ඒ සදහා අවස්ථාව එළඹ ඇති බව ඇය පැවසූ බවයි මෙලානියාගේ සමීපතමයකු සදහන් කර ඇත්තේ. කෙසේ වුවද ඔවුන්ගේ පුත් බැරන් ට්‍රම්ප්ගේ අධ්‍යාපන කටයුතු නිමාවන තුරු එක්ව සිටීමට ද ඇය තීරණය කර තිබෙනවා. කෙසේ වුවද ජනාධිපතිවරයා හෝ ආර්යාව ප්‍රසිද්ධ මාධ්‍යයේ මේ පිලිබද අදහස් පල කර නැහැ.
The post ට්‍රම්ප්ගේ බිරිඳ දික් කසාදය සැලසුම් කරයි appeared first on ITN News.